My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mrs. Prema Kathriarachchi,

United States of America

My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mr. R.M. Sudath Priyantha Bandara,

South Korea

Our Best Compliments to the "Sewasetha" Program ...!!!

Monaragala Pharmacy,

Main Street,
Monaragala

My Best Compliments to the "Deerghayu" Fund...!!!

Mr. A.M. Priyantha Kumara,

Warrior Tharanga Mawatha,
SOS Children Village Road,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. H.M. Wijerathna,

Kumarapura,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Samitha Wijayakoon,

Dehiwala,
Colombo

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Dhanushka Samarasekara,

DO Studio,
Monaragala

Our Best Compliments to the "Nena Pahana" Education Scholarship Programme ...!!!

Mr. R.M. Wishwanath Raveendra,

Siyambalanduwa Timber Mill,
Siyambalanduwa.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Regional Manager and All Branch Managers,

People's Bank,
Monaragala.

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. K.M. Dhanasiri Bandara,

20 Kade, Nakkala, Monaragala

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. R.A.D. Padmasiri,

Gayan Constructions,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

W. Sanjeewa Fernando,

R & S Engineering,
Nakkala,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

Mrs. Nayana N. Dasanayaka,

Area Engineer's Office,
Ceylon Electricity Board,
Diyathalawa.

My Best Compliments to the "Deerghayu" Fund ...!!!

Hon. Dr. Sumedha G. Jayasena

Deputy Minister Of Wild Life  
Member of Parliament - Monaragala District

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. R.M.D. Rathnayaka

Medical Superintendent
District General Hospital - Monaragala


My Best Compliments to the "Nena Pahana" Education Scholarship Programe ...!!!

Mr. R.S. Wickramage

Electrical Superintendent,

Ceylon Electricity Board,

Wellawaya.

My Best Compliments to the "Deerghayu" Fund

Hon. Padma Udaya Shantha Gunasekara

Member Of Parliment
Monaragala.

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Kotiyagala Chandananda Thero

Ven. Chief Of Uva, Binthenna and Batticolo Area

Purana Raja Maha Viharaya,
Viharamulla, Monaragala.


Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs.  Chandima Ranathunga

National Savings Bank
Kandy.

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Area Engineer and All Staff

Ceylon Electricity Board,
Monaragala.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Manager and The Staff

National Savings Bank,
Monaragala.

Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs. W.A. Karunawathi (Mrs. Siriwardhana)

Kolongolla,
Monaragala.

 

Our Best Compliments to the "Deerghayu" Fund

Old Students Association

Rajakeeya Vidyalaya,
Monaragala.

Our Best Compliments to the "Deerghayu" Fund

Hon.  Chairman & The Director Board

Co-Op Rural Bank - Monaragala

 

Our Best Compliments to the "Deerghayu" Fund

Government Service Welfare Society

Okkampitiya.

 

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

KandaUdapanguwe Sudamma Thero

Ven. Chief Of Uva Wellassa Area

Sri Dhakshinaramaya, Weliyaya,
Monaragala

 

About Foundation

බාගත කිරීම් Downloads

 

අද දින දැල්වෙන අමතර එක විදුලි පහනක් හෝ නිවා දමා, අපිත් විදුලිය සුරැකීමට දායක වෙමු. එය ඔබටත් රටටත් ඉතිරියකි.

 

Father of Hydro Power

Hon. D.J. Wimalasurendra

දශක ගණනාවක සිට දනන් තුඩ තුඩ රැඳුණු ආදරණීය ආමන්ත්‍රණයක් විය. ඒ "ජලය විදුලියට හැරවූ අරුම පුදුම මිනිසා " යන්නයි.

වැඩිදුර කියවන්න

"දීර්ඝායු" අරමුදලේ දසවන මූල්‍ය පරිත්‍යාගය ද ලබාදෙන ලදී.

වැඩිදුර කියවන්න...

"නැණ පහන" අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යථාර්තයක් බවට පත් කිරීමට අපට හැකිවිය.

වැඩිදුර කියවන්න


උණුසුම් පුවත්

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday397
mod_vvisit_counterYesterday1197
mod_vvisit_counterThis week1594
mod_vvisit_counterLast week7724
mod_vvisit_counterThis month13950
mod_vvisit_counterLast month31209
mod_vvisit_counterAll days1421155


දේශමාන්‍ය, දේශබන්දු, දේශශක්ති, මානව හිතවාදී, ලංකා පුත්‍ර ගෞරව නාමයෙන් පිදුම් ලබන සාමවිනිසුරු, නවරත්න එම්.බී. විජේකෝන් මැතිතුමා

මොනරාගල ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයකු මෙන්ම ගොවි මහතකු වන ගුණපාල විජේකෝන් මහතාට සහ දැනට ර‍ජයේ විශ්‍රාමික මැහුම් පරිපාලිකාවක් වන සුදුකුමාරී දිසානායක මහත්මියට දාව පවුලේ දෙටු දරුවා ලෙස බදුල්ල මහ රෝහලේදී විජේකෝන් මුදියන්සේලාගේ නවරත්න මිහිර බණ්ඩාර විජේකෝන් (නවරත්න එම්.බී. විජේකෝන්) දරුවා 1978 පෙබරවාරි මස 06වන දින මෙලොව එළිය දුටුවේය. ඔහුට එක් සහෝදරියක සහ එක් සහෝදරයකු ද පසුව පවුලට එක්විය.

 

මොනරාගල ඔක්කම්පිටිය ප්‍රදේශයේ කීර්තිමත් ගොවි පරපුරකින් පැවත එන මොනරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ජයසුන්දර විජේකෝන් මහතා නවරත්න එම්.බී. විජේකෝන් මහතාගේ පියාගේ එකකුස උපන් වැඩිමහල් සහෝදරයකු වන අතර සිය මව් පාර්ශවයේ ඥාතීන් අතර ඩී.එම්. බංඩා මහතා හෙවත් උස්ගමයාවේ ආරච්චි මහතා, මුප්පනේ සරණතිස්ස නායක හිමිපාණන්, මෙන්ම වෙල්ලස්සේ මහාකළු සිංහලයා ලෙසින් විරුදාවලිය ලත් පසු කලෙක ග්‍රාම නිළධාරී වරයකු වූ හීන්බංඩා දිසානායක ආරච්චි මහතා යන අය පිළිවෙලින් සිය මවගේ පියා සහ වැඩිමහල් ‍සහෝදරයන් දෙපලක් වන්නේය‍.

මොනරාගල ශාන්ත අන්තෝනි දේවස්ථාන පෙර පාසලෙන් ළදරු අධ්‍යාපනය ද, විහාරමුල්ල පුරාණ රජමහා විහාරස්ථ සිරි සුනන්ද දහම් පාසලෙන් දහම් අධ්‍යාපනය ද, මොනරාගල මහානාම කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ද ලත් නවරත්න දරුවා ද්විතියික අධ්‍යාපනය ලැබුවේ මොනරාගල රාජකීය ජාතික පාසලෙනි.

සිය අධ්‍යාපන කාලයන් තුල විශිෂ්ඨ දක්ෂතා පෙන්වමින් ශිෂ්‍ය නායකයකු ලෙස මෙන්ම පාසලේ සමිති සමාගම් කිහිපයකම සභාපති ධුරයන්ද හොබවා  ඇති මොහු 1993දී විධිමත් විද්‍යා ශිෂ්‍ය සංගමයක් මොනරාගල රාජකීය විද්‍යාලය තුල ඇති කිරීමට උරදී ක්‍රියා කල එහි ආරම්භක සභාපති වේ. පාසැල් විවාද කණ්ඩායමේ සාමාජිකයෙක් වන මොහු පාසලේ සිටි දක්ෂ කථිකයෙකි.

1992 සිට වෙල්ලස්සේ සමාජ සේවය ආරම්භ කල තරුණ නවරත්න දරුවා විහාරමුල්ල ළමා සමාජයේ සභාපති වරයා ලෙස වසර කිහිපයක්ම පත්වී සහ පසු කලෙක විහාරමුල්ල තරුණ සංවිධානයේ සභාපති ලෙස පත්වී ඒ ඒ වකවානු වල දහම් පාසල සහ විහාරස්ථානය ද කේන්ද්‍ර කර ගනිමින් විවිධ ආගමික හා සමාජීය වැඩසටහන් රැසක් ගම තුල ක්‍රියාත්මක කිරීමට නායකත්වය දුන්නේය.

1997 වර්ෂයේ විශ්ව විද්‍යාල වරම් අහිමිව පාසලෙන් ඉවත්වූ මොහු පෞද්ගලික ආයතන කිහිපයක සේවය කර 1999 අගෝස්තු 02 වන දින පරිඝණක ක්‍රියාකරුවකු ලෙස දියතලාව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයෙන්  ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයට එක්විය.

ලංකා විදුලිබල මණ්ඩලයේ පරිඝණක ක්‍රියාකරුවන්ගේ සංගමය 2000 වසරේදී ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කල නවරත්න එම්.බී. විජේකෝන් මහතා 2002 වසරේ එහි උප ලේකම් ලෙස පත්විය. 2003 වසරේදී එහි සභාපති පදවියට පත්වූයේ ඈත දුෂ්කර වෙල්ලස්සේ උපන් අයෙකුට ලංවිම වැනි දැවැන්ත ආයතනයක් තුල එවැනි තනතුරක් ලැබුනු ඉතිහාසගත  අවස්ථාවකට හිමිකම් පාමිනි. අවස්ථා දෙකක් (2003 සහ 2008) ඒ තනතුර හෙබවූ ඒ මහතා දැනට එහි උප සභාපති වරයෙකු ලෙස කටයුතු කරනු ලැබේ.

ලංවිම කොළඹ ප්‍රදේශයේ කාර්යාල කිහිපයකම සේවය කර අත්දැකීම් සමුදායක් ලබා 2006 වසරේ නැවත මොනරාගල ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලට පැමිණියේ වෙල්ලස්සේ අසරණ ජනතාවට සේවය කිරීමේ අරමුණිනි. එම වසරේම කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රදේශයේ කීර්තිමත් පවුලකින් විවාහ වූ ඒ මහතා මේ වනවිට එක්දරු පියෙකි.

2009 වසරේ සිට මොනරාගල රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් වරයා ලෙස පුරා වසර 04ක් සේවය කර එහි ප්‍රතිසංවිධාන රැසක් සිදු කලේය. එම සංගමයේ උප සභාපති ලෙස සහ ඊට අනුබද්ධ ආදි රාජකීයයන්ගේ සංවර්ධන සමිතියේ ගරු අනුශාසක වරයකු ලෙසද මොහු දැනට ක්‍රියා කරනු ලැබේ.

2010 වසරේ මොනරාගල වෙල්ලස්සෙන් අපි තරුණ සංසදයේ කැඳවුම්කරු ලෙස පත්වූ ඒ මහතා එම වසරේම මොනරාගල කඳුකර සමුපකාර ග්‍රාමීය බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත්විය.

ඒ මහතා 2011දී www.nawarathnawijekoon.com වෙබ් අඩවිය ආරම්භ කලේ වෙල්ලස්සේ අභිමානය ජාත්‍යන්තරයට ගෙනයාමේ අදහසිනි.

වෙල්ලස්සේ ජනතාවට අසීමිතව ආදරය කරන නවරත්න එම්.බී. විජේකෝන් මහතා 2011 වසරේ නවරත්න වි‍ජේකෝන් පදනම පිහිටුවා වෙල්ලස්සේ දිළිඳු දරුවන් හා ප්‍රජාව උදෙසා සුවිසාල සමාජ මෙහෙවරක් දියත් කරමින් සිටී.

රැකියාව ආරම්භයේ සිටම ලංවිම ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කල ඒ මහතා 2012 වසරේ එහි ජාතික සංවිධායක ලෙස පත්වූයේ ද ඈත දුෂ්කර වෙල්ලස්සේ උපන් අයෙකුට ලංවිම තුල එවැනි තනතුරක් ලැබුනු ඉතිහාසගත  අවස්ථාවකට තවත් වරක් හිමිකම් පාමිනි. එතුමා දැනට එම සංගමයේ  උප සභාපති වරයකු ලෙස ද කටයුතු කරනු ලැබේ.

2012 වසරේ මොනරාගල කඳුකර සමුපකාර ග්‍රාමීය බැංකුවේ උප සභාපති වරයා ලෙස නිතරඟයෙන් පත්වූ ඒ මහතා මොනරාගල ශාන්ත අන්තෝනි දේවස්ථ පෙර පාසලේ දෙමාපිය සංගමයේ සභාපති ලෙස සහ මොනරාගල විහාරමුල්ල පුරාණ රජමහා විහාරස්ථ දායක සභාවේ ලේකම් ලෙස කෙටි කලක් කටයුතු කර ඇත.

ඊට අමතරව ඌව විද්වත් මධ්‍යස්ථානයේ පූර්ණ සාමාජිකත්වය ලබා ඇති මොහු මොනරාගල මහ රෝහලේ සංවර්ධන කමිටුව හා ළමා වාට්ටු සංවර්ධන අරමුදලේ ද ලාබාලම සාමාජිකයාය.

තමන් කල සමාජ මෙහෙවර අගයනු වස් ලැබුනු සාමවිනිසුරු පදවියේ 2013 වසරේ දිවුරුම් දුන් නවරත්න එම්.බී. විජේකෝන් මහතා මොනරාගල ප්‍රදේශයේ සමාජ සේවා ආයතන සහ සංවිධාන රැසක මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලද විවිධ නිලතල හා සාමාජිකත්වය උසුලමින් අභිමාවත් සමාජ මෙහෙවරක යෙදෙමින් සිටින අව්‍යාජ තරුණ මානව හිතවාදියෙකි.

 

2016 මැයි මස 02වන දින අද දින, බංඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති දැවැන්ත උළෙලේදී, ශ්‍රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම මගින් පිරිනැමු, දේශමාන්‍ය, දේශබන්ධූ, දේශශක්ති, මානව හිතවාදී, ලංකා පුත්‍ර ගෞරව නාමයෙන් පිදුම් ලැබූ, ඒ මහතා දැනට වාර්ථා වී ඇති පරිදි මොනරාගල දිස්ත්‍රික්කයෙන් බිහිවූ සෘජුවම දේශමාන්‍ය උපහාරය හිමිවූ ප්‍රථමයා වේ.

 
Bookmark and Share
Copyright © 2010 - 2017 Nawarathna Mihira Bandara Wijekoon. All Rights Reserved.