My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mrs. Prema Kathriarachchi,

United States of America

My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mr. R.M. Sudath Priyantha Bandara,

South Korea

Our Best Compliments to the "Sewasetha" Program ...!!!

Monaragala Pharmacy,

Main Street,
Monaragala

My Best Compliments to the "Deerghayu" Fund...!!!

Mr. A.M. Priyantha Kumara,

Warrior Tharanga Mawatha,
SOS Children Village Road,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. H.M. Wijerathna,

Kumarapura,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Samitha Wijayakoon,

Dehiwala,
Colombo

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Dhanushka Samarasekara,

DO Studio,
Monaragala

Our Best Compliments to the "Nena Pahana" Education Scholarship Programme ...!!!

Mr. R.M. Wishwanath Raveendra,

Siyambalanduwa Timber Mill,
Siyambalanduwa.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Regional Manager and All Branch Managers,

People's Bank,
Monaragala.

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. K.M. Dhanasiri Bandara,

20 Kade, Nakkala, Monaragala

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. R.A.D. Padmasiri,

Gayan Constructions,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

W. Sanjeewa Fernando,

R & S Engineering,
Nakkala,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

Mrs. Nayana N. Dasanayaka,

Area Engineer's Office,
Ceylon Electricity Board,
Diyathalawa.

My Best Compliments to the "Deerghayu" Fund ...!!!

Hon. Dr. Sumedha G. Jayasena

Deputy Minister Of Wild Life  
Member of Parliament - Monaragala District

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. R.M.D. Rathnayaka

Medical Superintendent
District General Hospital - Monaragala


My Best Compliments to the "Nena Pahana" Education Scholarship Programe ...!!!

Mr. R.S. Wickramage

Electrical Superintendent,

Ceylon Electricity Board,

Wellawaya.

My Best Compliments to the "Deerghayu" Fund

Hon. Padma Udaya Shantha Gunasekara

Member Of Parliment
Monaragala.

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Kotiyagala Chandananda Thero

Ven. Chief Of Uva, Binthenna and Batticolo Area

Purana Raja Maha Viharaya,
Viharamulla, Monaragala.


Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs.  Chandima Ranathunga

National Savings Bank
Kandy.

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Area Engineer and All Staff

Ceylon Electricity Board,
Monaragala.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Manager and The Staff

National Savings Bank,
Monaragala.

Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs. W.A. Karunawathi (Mrs. Siriwardhana)

Kolongolla,
Monaragala.

 

Our Best Compliments to the "Deerghayu" Fund

Old Students Association

Rajakeeya Vidyalaya,
Monaragala.

Our Best Compliments to the "Deerghayu" Fund

Hon.  Chairman & The Director Board

Co-Op Rural Bank - Monaragala

 

Our Best Compliments to the "Deerghayu" Fund

Government Service Welfare Society

Okkampitiya.

 

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

KandaUdapanguwe Sudamma Thero

Ven. Chief Of Uva Wellassa Area

Sri Dhakshinaramaya, Weliyaya,
Monaragala

 

About Foundation

බාගත කිරීම් Downloads

 

අද දින දැල්වෙන අමතර එක විදුලි පහනක් හෝ නිවා දමා, අපිත් විදුලිය සුරැකීමට දායක වෙමු. එය ඔබටත් රටටත් ඉතිරියකි.

 

Father of Hydro Power

Hon. D.J. Wimalasurendra

දශක ගණනාවක සිට දනන් තුඩ තුඩ රැඳුණු ආදරණීය ආමන්ත්‍රණයක් විය. ඒ "ජලය විදුලියට හැරවූ අරුම පුදුම මිනිසා " යන්නයි.

වැඩිදුර කියවන්න

"දීර්ඝායු" අරමුදලේ දසවන මූල්‍ය පරිත්‍යාගය ද ලබාදෙන ලදී.

වැඩිදුර කියවන්න...

"නැණ පහන" අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යථාර්තයක් බවට පත් කිරීමට අපට හැකිවිය.

වැඩිදුර කියවන්න


උණුසුම් පුවත්

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday368
mod_vvisit_counterYesterday1197
mod_vvisit_counterThis week1565
mod_vvisit_counterLast week7724
mod_vvisit_counterThis month13921
mod_vvisit_counterLast month31209
mod_vvisit_counterAll days1421126


Religious Thoughts << Back to the article list
Title (මාතෘකාව) : ජීවිතයේ අවසන් දැකීම

ජීවිතයේ අවසන් දැකීම.

බෞද්ධ ඉගැන්වීම් වල ක්ෂණික මරණය හා සම්මුති මරණය යන දෙකක් දක්නා ලැබේ. උපාදනස්කන්ධ සංයුතිය ලෙස හැදින්වෙන ශක්ති විශේෂය ක්ෂණයක් පාසා බි‍‍ඳෙමින් හා නැවත හට ගනිමින් ඉදිරියට ගලායයි. ඇසි පිය ගසන වාරයක් තුළ බොහෝ වාර ගණනක් මෙය සිදුවෙයි. මේ ක්ෂණික මරණයයි. මෙය ඉතා සියුම් ශක්ති විශේෂයක කාර්යක් වන හෙයින් ඉන්ද්‍රියන්ට හසු නොවෙයි. එබැවින් මේ ගැන තැකීමක්ද නොමැත. කිසියම් ජීවිතයක් පැවතගෙන ගොස් අවසන්වීම සම්මුති මරණයයි. ජීවිතයක් ඇසුරු කරගෙන සිටි ප්‍රධාන කොටස උපාදානස්කන්ධ නැමැති ශක්ති විශේෂයයි. එහි පැවතගෙන යාමට සම්මුති මරණයෙන් බාධාවක් නැත. අපේ ඇසට පෙනෙන සේ කිසියම් නමක් හා රුපයක් දරා සිටි ජීවිතයක් නිෂ්ක්‍රිය වු විට අපි, “ඔහු මැරුණා” යනුවෙන් සිතීමට පුරුදුවී සිටිමු. එයට මරණය යන සම්මුතියක් දෙමු. එය සෙසු අයගේ ව්‍යවහාරයක් පමණි. අප මරණය යන වචනයෙන් අදහස් කරන්නේ මෙම සම්මුති මරණයයි. මෙය කිසියම් ජීවිතයක අවසානයකි. එයින් අවසන් වන්නේ ජීවිතයක් පමණි. උපාදානස්කන්ධ සංයුතියේ නිමාවක් එයින් සිදු නොවේ. එහි ක්‍රියාවලිය සිරිත් ලෙස පැවතගෙන යයි. එහි අනන්‍යතාව එයින් නොනිමේ.

උපාදානස්කන්ධ සංයුතිය වටා වරෙකදි ගොඩනගා ගත් ජීවිතය තමාය කියා ද, තමන්ගේ කියා ද සිතා ගැනීමක් අපට තිබේ. බෞද්ධ ඉගැන්වීම් වල, “මානය” නමින් හදුන්වා ඇත්තේ මෙම සිතා ගැනීමයි. එසේ තමා යනුවෙන් සිතාගත් ජීවිතය, සමාජ සංවිධානයේ ස්වාධීන ඒකකයක් ලෙස සෙසු අයද පිළිගනිති. මෙසේ, “තමා” යයි සිතාගෙන සිටින ජීවිතයක් නිෂ්ක්‍රිය වීම මරණය ලෙස සම්මතයේ පවතී. මරණය දුකක් ලෙසද සැලකීමට පුරුදු වී සිටිමු. “එකල සුමේධ තාපසයන් ව සිටියේ මම්මය” යි වදාලේ අසංඛ්‍ය කල්ප ගණනක් පසුව වැඩ සිටි බුදුහාමුදුරුවන් වහන්සේය. මේ දිර්ඝ කාලය තුළ උන්වහන්සේට සිදුවු සම්මුති මරණ සංඛ්‍යාව ගණන් නොකල හැකි එකකි. මෙතරම් සම්මුති මරණ සංඛ්‍යාවක් සිදු වීමෙනුත් හානිවු දෙයක් නැත. එසේ නම් අප කාටවත් මරණයෙන් හානි වන දෙයක් තිබිය නො‍හැක. කොතරම් වාර ගණනක් මෙම සම්මුති මරණයට භාජනය වුවත් එයින් සිදුවන පාඩුවක් නැත. එයින් පසුව ජීවිතය අරම්භ කරන තැන, වඩා සැපවත් තැනක් වුවහොත් හානියකට වඩා වාසියක් මරණය නිසා අත්විය හැක. කරුණු මෙසේ තිබියදී මරණය ගැන මෙතරම් බියට පත් වන්නේ අවබෝධයේ අඩුකම නිසාය. අවබෝධයේ අඩුකම නිසා ඇති කරගෙන සිටින තීරණයන් නිසාය. මරණය ගැන බියක් ඇතිවිමට හේතුවන පොදු කරුණු මෙසේ දැක්විය හැකිය.

1. කායික වේදනාවන් විඳීමට ඇති බිය.

2. මරණයෙන් පසුව ඇති විය හැකි තත්වය පිළිබඳ සැකය.

3. තමන් අපරාධ බහුල ජිවිතයක් ගත කර තිබීම.

4. තමන් ඇලුම් කරමින් සිටි අයගෙන් වෙන්වී තනිවීම.

5. තමන් අයත් කරගෙන සිටිදේ අත්හැර යාමට ඇති අකමැත්ත.

6. තමන් වෙහෙසී උපයාගත් සම්පත් වෙනත් අය නොමිලේම භුක්ති විඳීම ගැන ඇති වන ඊර්ෂ්‍යාව.

7. තමන් නොසිටීමේන් දරුවන් වැනි වෙනත් අයට කරදරයක් වෙතැයි සිතීම.

සාමාන්‍ය ව්‍යවහාරය අනුව මෙම කරුණු වලින් කීපයක් හෝ අඩු වශයෙන් එකක් හෝ කෙනකුට බලපෑම ස්වාභාවිකය. එහෙත් නිවරදි ලෙස කරුණු පරික්ෂා කර බලන විට මෙයින් එකක් වත් බැරෑරුම් ලෙස සැලකිය යුතු නොවන බව වටහාගත හැකිය. මෙම කරුණු එකින් එක ගෙන පරික්ෂා කිරීම මෙහිදි අවබෝධය ලබා ගැනිමට උපකාර වෙයි.

කායික වේදනාවන් ඇති වීමට ඇති බිය.

වරින් වර විවිධ හේතුන් නිසා කායික වශයෙන් වේදනා විඳීම, සෑම මනුෂ්‍ය ජිවිතයකටම පොදුවු දෙයකි. ලෙඩක් ඇතිවු විට එයින් කිසියම් ප්‍රමාණයක වේදනාවක් ඇතිවේමය. මරණයට පත්විමේ දී ද බොහෝ විට කිසියම් ලෙඩක් ඇති විම සිරිතය. ඇතැම් ලෙඩක් අඩු වේදනා දෙන අතර තවත් ලෙඩක් වැඩිපුර වේදනා දෙයි. මෙය මරණයටම සම්බන්ධ ලෙස සැලකිමට කරුණක් නැත. මරණයට පෙරද නොයකුත් අවස්ථා වල ලෙඩ වීමෙන් මෙම වේදනා විඳ පුරුදු නිසාය. ජිවත්වීම යමෙක් බලපොරොත්තු වෙයි නම් ඔහු ලෙඩ වීමද බලපොරොත්තු විය යුතුය. මරණයට හේතුවු යම් ලෙඩක් නම්, එයද ජීවිත කාලයේ ඇති වු වෙනත් ලෙඩකටම සමානය. ලෙඩෙහි තත්ත්වය අනුව අඩු හෝ වැඩි වන වේදනා ඔබ විඳ පුරුදුය. එය තමන්ට මතක ඇති වේදනාවක් බව සිතන විට බිය අඩු විය හැක. මෙයට පෙර ජාතියේ මරණය සිදුවන අවස්ථාවේ ඔබට දැනුනේ කෙසේදැයි දැන් සිහිපත් කල නොහැක. මරණය දුකකැයි නිතර පවතින ව්‍යවහාරයද සිතට එයි. එබැවින් “මැරෙන මොහොතේ බලවත් වේදනාවක් ඇති විය හැක” යන භීතිය පවති.

මේ පිළිබඳ විසිවන සියවසේ දෙවන භාගයේ බටහිර වෛද්‍යවරුන් බොහෝ පර්යේෂණ කොට කරුණු හෙලි කරගෙන තිබේ. “NDE” නමින් හදුන් වන “මරණාසන්න අත්දැකිම්” (Near Death Experience) පිළිබඳ එම පර්යේෂණ ඇමරිකාවේ ඉතා සාර්ථක ලෙස කර ඇත. ඔවුන් එම පර්යේෂණ තවදුරටත් කරගෙන යන බව වාර්ථා වේ. මේ අතර මෝහනයට පත්කොට පුද්ගලයන්ගේ මනස අතීතයට යවා නොයෙක් රටවල කර ඇති පර්යේෂණ වලින්ද මැරෙණ මොහොතේ පුද්ගලයාට දැනුන සැටිය සොයාගෙන ඇත. මේ සැමකකින්ම හෙලිවී ඇත්තේ මැරෙන මොහොතෙහි වේදනාවන් නොදැනීම සඳහා සිහි නැති විමක් ඉබේටම සිදුවන බවයි. මෝහනය මගින් අතීතය සිහිපත් කරවනු ලැබු සැම දෙනාම පාහේ මවු කුසින් බිහිවිමේ අවස්ථා අප්‍රසන්න වු වේදනා සහිත අවස්ථාවන් ලෙස පවසා ඇතත් කිසිවකු පෙර ජාතියේ පණ යන මොහොත අප්‍රසන්න අවස්ථාවක් ලෙස දක්වා නැත. මරණය දුකක් වශයෙන් දක්වා ඇත්තේ මරණාසන්නයට පෙර එය ගැන සිතා බිය වීමත්, එම අවස්ථාව සලසා දෙන රෝගාබාධ සැලකිල්ලට ගැනීමත් නිසා විය හැකිය. ගුවන් අනතුරකට හෝ රිය අනතුරකට හෝ සිය පණ හානි කර ගැනිමකට හෝ භාජනය වුවන්ද අතීතය සිහිපත් කරවු අවස්ථා වල එම සිදුවීම ප්‍රකාශ කර ඇතත්, එහි දුක් සහිත හෝ වේදනාත්මක බවක් පවසා නැත. මෙයින් පෙනෙන්නේ ස්වභාව ධර්මය විසින් එම අවස්ථාවට ලබා දී ඇති සැනසිල්ලක් වශයෙන් සිහිනැති විමක් සිදුවන බවය. “නිදා සිටියකු අවදි වන්නා සේ” (සුන්තප්පබුද්ධොවිය) යන ව්‍යවහාරය බොහෝ බෞද්ධ කතා පුවත් වලද හමුවේ.

මරණයෙන් පසුව ඇති විය හැකි තත්වය පිළිබඳ සැකය.

මරණයෙන් පසුව ඇතිවන තත්ත්වය පිළිබඳව ඇති බිය ද ස්වාභාවිකය. මරණින් පසු ස්වර්ගයට යන බව කවුරුත් ප්‍රතිඥා කලත් මොවුන්ට මෙය කළ හැකිද යන සැකය සිතින් පහ නොවේමය. මරණයට පසු ඉපදීමක් නැතැයි කවුරුන් කීවත් එහිද සැකය සිතෙහි ඉතිරිවේමය. වෙනත් අයගේ පොරොන්දු දීමත් වෙනත් තාර්කිකයන්ගේ තීරණත් පසෙක තබා අපගේ බුද්ධියට දැනෙන පරිදි මෙය වටහා ගැනීමට උත්සහා කලහොත් වඩා විශ්වාසදායක තීරණයකට එළඹිය හැකිවෙයි. බුදුහාමුදුරුවන්ද මෙම මතය දරාසිටි බව සමහර දේශනා වලින් පෙනේ. මනුෂ්‍යයින් වරදින් ඈත් කර තැබිමේ උත්සාහය නිසා පරලොව ගැන වැඩියෙන් බිය ඇති කරන ප්‍රකාශයන් ආගමික ඉගැන්විම් තුළට ඇතුලත් වී ඇති බවට සැලකිය හැකිය. ඉතා සුළු දේවල් පවා බියකරු විපාක වලට හේතු වන බව එම ප්‍රකාශ අතර දක්නට ලැබේ. එයින් නුගත් අය හික්මවා තැබීමට රුකුලක් ලැබේමය. වැටහීමේ නුවණ දුර්වල අය සංවරව තබා ගැනීමට දඬුවම පිළිබඳ භීතිය උපකාර වෙයි. දඬුවමක් ලැබෙතැයි බියක් ඇති කරවීම වැටහීමේ නුවණ අඩු අය හික්මවීමට ඉතා ප්‍රයෝජනවත් වෙයි.

විශ්ව ධර්මතාවේ දක්නා ලක්ෂනයක් අනුව එහි ක්‍රියාකාරීත්වය නැඹුරුවී ඇත්තේ දඬුවමට වඩා යහ මග පෙන්වීමටය. සත්ත්වයකු සසර ගමන් කරන්නේ ඉදිරියටය. ආපස්සට නොවේ. කුඩාකල උගත් දෙය හා වරකදී ලබාගත් අත්දැකීම් පසුකාලයේ දියුණුවට උපකාරවෙයි. අත්දැකීම් වැඩි වීමෙන් දියුණුවක් මිස පිරිහීමක් ඇති නොවේ. මේ ස්වභාවය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අප දන්නා දෙයකි. ඊයේ ලැබුන අත්දැකීම් අදටත්, අද ලැබුන අත්දැකීම් හෙටටත් උපකාර වෙමින් ඉදිරියට යන සැටිය අපට ප්‍රත්‍යක්ෂය. අපට ප්‍රත්‍යක්ෂ දෙයක් කවුරුන් නැත කීවත් අපි නොපිළිගනිමු‍. අද දවසේ ලබන අත්දැකීම් අනුව හෙටට ඇතිවන දියුණුව මෙන් මෙම ජීවිතයේ ලබන අත්දැකීම් නිසා මතු ජාතියට දියුණුවක් ඇති වන බව පිළිගත යුත්තකි. එම ඉදිරි ගමන සසර පිළිබඳව එලෙසම පැවතීම නිසැක දෙයකි. එහෙයින් මෙම ජාතියේ තත්වයට වඩා මෙයින් පසුව ඇතිවන ජාතියක තත්වය දියුණු වී පවතිනු ඇතිය. අප අද දරා සිටින්නේ මෙසේ දිගු කලක් ලබාගත් අත්දැකීම් වල ප්‍රතිඵලයි. කුඩා දරුවා තරුණයකු වී වැඩිහිටියකු බවට පත්වනු මිස වැඩිහිටියකු තරුණයකු වී කුඩා දරුවකු බවට පත්වන්නේ නැත. මේ නිසා විශ්ව ධර්මතාවය අනුව ඉහලට ගමන් කිරිම පිළිබඳ අපට සැක සිතීමට හේතුවක් නැත. අප නිතරම දකින්නේ කුඩා පැළයක් වැඩෙමින් ගොස් ලොකු ගසක් වන බවය. ලොකු ගසක් ආපසු අවුත් පැළයක් බවට පත් වන තැනක් අපි නොදකිමු. අප ගතකරන ජිවිතයත් එසේමය. සසර ගමනත් එසේමය. මෙය විශ්වයේ ඇති ධර්මතාවය හෙයිනි. එක ජීවිතයකදී ලබාගත් අත්දැකීම් ද රැගෙන තවත් ජීවිතයකට යමු. මෙයින් පහළට යාමක් සිදු නොවෙයි. ස්වභාවිකව යන්නේ ඉහළටමය. මෙම විශ්ව ධර්මතාවය අනුව ඔබට බලාපොරොත්තු විය හැක්කේ මරණින් මතු පහත් තත්වයකට යෑම නොව කිසියම් ප්‍රමාණයක දියුණුවක් ඇති තත්ත්වයකට යාමය. මෙය සත්‍ය වන නමුත්, මෙයට තවත් එකතු කල යුතු යමක් ඇත. පුද්ගලයාගේ හැසිරීම් අමතක නොකල හැක. ගඟක් පහළට ගලායාම, ධර්මතාවයයි. එහි සැකයක් නැත. එහෙත් වැටි බිඳීම නිසා වෙනත් පැතිවලට ගමන් කරන සැටිත්, ඇතැම් තැන් වල පල් වෙමින් සිමිත කාලයක් නැවතී සිටින සැටිත් දැක හැක. මෙලෙසින් පුද්ගලයා විශ්ව ධර්මතාවයට පටහැණිව ක්‍රියා කිරීම නිසා සීමිත කාලයන් සඳහා දුක් බහුල ජිවිත වල ගත කිරිමට සිදුවන බව නිසැකය. ජීවත් වන කාලයේ වුවද එවැනි ක්‍රියා නිසා සිරගෙවල් වල වාසය කිරීම හා වෙනත් පීඩාවන්ට භාජනය වීමට සිදුවන හැටි දැක ගත හැකිය. මරණින් මතුව වුවද එසේය. සැප පහසුකම් ඇති ලොකු ගෙයක් සාදාගෙන සැප වාහන ඇතිව සේවකයන්ගේ හා අනුකූල වු පවුලේ සමාජිකයන්ගේ උපස්ථාන ලබමින් ජීවත් වු කෙනකු, පස් වසරකට බන්ධනාගාර ගත වුවහොත් එම කාලය ගතවු පසු ඔහු නැවතත් පළමු සිටි තත්වයට පත්ව ජිවත් වන්නාක් මෙනි. විශ්ව ධර්මතාවයට පටහැනිව ක්‍රියා කිරිමෙන් තොරව ජීවත් වුවා නම් බන්ධනාගාර ගත නොවී දිගටම විසිය හැකි වන්නා සේ මරණින් මතු දුක් බහුල ජිවිත වලට නොවැටී සසරේද ගමන් කළ හැක.

ආගම් වල අනුගාමිකයන් වරදින් වලකා ගැනීම සඳහා පසුකාලවල පොත් පත් ලියු ආචාර්යය වරුන් ඉතා සුළු වරදකට වුවත් අපායේ වැටෙන්නාසේ හැ‍ඟෙන පරිදි ධර්ම විස්තරයන් කර ඇත. මේවායින් මනුෂ්‍යායා තුළ අතිමාත්‍ර භීතියක් ඇතිවී ඇත. සම්පූර්ණ ලිපිය බාගත කරගන්න

Report this article [ 277 ]   [ 279 ]
Comments
Commented by hgilgPxnF4Q (2017-01-15 03:30:59)
This could not polbsisy have been more helpful! http://etcjodfwf.com [url=http://jegopqbypnf.com]jegopqbypnf[/url] [link=http://vlwlfambib.com]vlwlfambib[/link]

Commented by 8xqwZrc9 (2017-01-14 10:16:42)
Thank you so much for this arlecti, it saved me time!

Commented by OyOItB4lAC (2017-01-14 04:34:56)
This piece was a lieafjcket that saved me from drowning. http://tupwppig.com [url=http://uspxtgg.com]uspxtgg[/url] [link=http://rguasn.com]rguasn[/link]

Commented by thXDIWV0rYV (2017-01-14 04:34:53)
We need a lot more inhgists like this! http://nivnieat.com [url=http://sojgzth.com]sojgzth[/url] [link=http://wxlrgibn.com]wxlrgibn[/link]

Commented by yGD98E2k (2017-01-12 21:52:09)
Fidning this post has solved my problem

Commented by XUmU51iMXd6h (2017-01-12 21:52:00)
I think you hit a buleslye there fellas!

Commented by TIeA5TKM0 (2017-01-12 15:43:24)
J’ai écouté — pas seulement l&osqur;extrait sur You Tube, mais aussi quelques uns sur ubu.com — et, sauf le respect dû à un artiste décédé, je préfère de beaucoup ses mots ( admirable, sa toundra) à ses bruits.

Commented by zZ7PjFi9UJ7 (2017-01-12 15:16:10)
CohrasrHeritageFinms has these&but you can just as well stamp onto a transparency and then rub that onto your card stock, all ink will transfer

Commented by USA (2015-10-18 22:06:44)
aLE4wP I am so grateful for your article.Really thank you! Keep writing.

Commented by USA (2015-10-17 23:51:10)
GsRb43 Great, thanks for sharing this blog article.Really looking forward to read more. Really Great.

Add new comment (ලිපිය පිළිඹඳ ඔබේ අදහස් එක් කරන්න)

Your email :



Bookmark and Share
Copyright © 2010 - 2017 Nawarathna Mihira Bandara Wijekoon. All Rights Reserved.