http://nawarathnawijekoon.com/components/com_gk2_photoslide/images/thumbm/622674Lake_at_Yudanganawa_in_Buttala__Sri_Lanka.jpg http://nawarathnawijekoon.com/components/com_gk2_photoslide/images/thumbm/176217Belihuloya_river2.JPG http://nawarathnawijekoon.com/components/com_gk2_photoslide/images/thumbm/660852172948164lQSMwL_fs.jpg http://nawarathnawijekoon.com/components/com_gk2_photoslide/images/thumbm/765689DSCN2869.JPG http://nawarathnawijekoon.com/components/com_gk2_photoslide/images/thumbm/478863elephants_lake_4.jpg http://nawarathnawijekoon.com/components/com_gk2_photoslide/images/thumbm/982064seririt_paddy.jpg http://nawarathnawijekoon.com/components/com_gk2_photoslide/images/thumbm/354443vieweast.jpg http://nawarathnawijekoon.com/components/com_gk2_photoslide/images/thumbm/377239Picture_200.jpg
             

My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mrs. Prema Kathriarachchi,

United States of America

My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mr. R.M. Sudath Priyantha Bandara,

South Korea

Our Best Compliments to the "Sewasetha" Program ...!!!

Monaragala Pharmacy,

Main Street,
Monaragala

My Best Compliments to the "Deerghayu" Fund...!!!

Mr. A.M. Priyantha Kumara,

Warrior Tharanga Mawatha,
SOS Children Village Road,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. H.M. Wijerathna,

Kumarapura,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Samitha Wijayakoon,

Dehiwala,
Colombo

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Dhanushka Samarasekara,

DO Studio,
Monaragala

Our Best Compliments to the "Nena Pahana" Education Scholarship Programme ...!!!

Mr. R.M. Wishwanath Raveendra,

Siyambalanduwa Timber Mill,
Siyambalanduwa.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Regional Manager and All Branch Managers,

People's Bank,
Monaragala.

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. K.M. Dhanasiri Bandara,

20 Kade, Nakkala, Monaragala

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. R.A.D. Padmasiri,

Gayan Constructions,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

W. Sanjeewa Fernando,

R & S Engineering,
Nakkala,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

Mrs. Nayana N. Dasanayaka,

Area Engineer's Office,
Ceylon Electricity Board,
Diyathalawa.

My Best Compliments to the "Deerghayu" Fund ...!!!

Hon. Dr. Sumedha G. Jayasena

Deputy Minister Of Wild Life  
Member of Parliament - Monaragala District

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. R.M.D. Rathnayaka

Medical Superintendent
District General Hospital - Monaragala


My Best Compliments to the "Nena Pahana" Education Scholarship Programe ...!!!

Mr. R.S. Wickramage

Electrical Superintendent,

Ceylon Electricity Board,

Wellawaya.

My Best Compliments to the "Deerghayu" Fund

Hon. Padma Udaya Shantha Gunasekara

Member Of Parliment
Monaragala.

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Kotiyagala Chandananda Thero

Ven. Chief Of Uva, Binthenna and Batticolo Area

Purana Raja Maha Viharaya,
Viharamulla, Monaragala.


Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs.  Chandima Ranathunga

National Savings Bank
Kandy.

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Area Engineer and All Staff

Ceylon Electricity Board,
Monaragala.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Manager and The Staff

National Savings Bank,
Monaragala.

Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs. W.A. Karunawathi (Mrs. Siriwardhana)

Kolongolla,
Monaragala.

 

Our Best Compliments to the "Deerghayu" Fund

Old Students Association

Rajakeeya Vidyalaya,
Monaragala.

Our Best Compliments to the "Deerghayu" Fund

Hon.  Chairman & The Director Board

Co-Op Rural Bank - Monaragala

 

Our Best Compliments to the "Deerghayu" Fund

Government Service Welfare Society

Okkampitiya.

 

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

KandaUdapanguwe Sudamma Thero

Ven. Chief Of Uva Wellassa Area

Sri Dhakshinaramaya, Weliyaya,
Monaragala

 

About Foundation

බාගත කිරීම් Downloads

 

අද දින දැල්වෙන අමතර එක විදුලි පහනක් හෝ නිවා දමා, අපිත් විදුලිය සුරැකීමට දායක වෙමු. එය ඔබටත් රටටත් ඉතිරියකි.

 

Father of Hydro Power

Hon. D.J. Wimalasurendra

දශක ගණනාවක සිට දනන් තුඩ තුඩ රැඳුණු ආදරණීය ආමන්ත්‍රණයක් විය. ඒ "ජලය විදුලියට හැරවූ අරුම පුදුම මිනිසා " යන්නයි.

වැඩිදුර කියවන්න

"දීර්ඝායු" අරමුදලේ දසවන මූල්‍ය පරිත්‍යාගය ද ලබාදෙන ලදී.

වැඩිදුර කියවන්න...

"නැණ පහන" අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යථාර්තයක් බවට පත් කිරීමට අපට හැකිවිය.

වැඩිදුර කියවන්න


උණුසුම් පුවත්

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday361
mod_vvisit_counterYesterday1197
mod_vvisit_counterThis week1558
mod_vvisit_counterLast week7724
mod_vvisit_counterThis month13914
mod_vvisit_counterLast month31209
mod_vvisit_counterAll days1421119


වසර හතකට ආසන්න කාලයක් තුල මෙම වෙබ් අඩවියට පිවිසී,

මාගේ සමාජ මෙහෙවර පිරික්සූ සහ මෙමගින් දැනුම ලබාගෙන,

නැරඹුම් වාර ලක්ෂ දාහතර (1,400,000)

ඉක්මවූ ග්‍රාහකයින් අතරට එක්වූ ඔබ සැමට

මාගේ ස්තූතිය.!

ඔබ සැමට "දීර්ඝායු" වේවා!!

නවරත්න එම්.බී. විජේකෝන්

 

 

මෙම වෙබ් අඩවියට පිවිසෙන ඔබ සැම, දේශමාන්‍ය, සාමවිනිසුරු නවරත්න එම්.බී. විජේකෝන් මහතා විසින් සාදරයෙන් පිළිගනු ලබයි.

මෙම වෙබ් අඩවිය නවරත්න විජේකෝන් පදනමේ වෙබ් අඩවිය නොවන බවත්, එය නවරත්න එම්.බී. විජේකෝන් මහතාගේ පෞද්ගලික වෙබ් අඩවිය බවත්, නවරත්න විජේකෝන් පදනම මගින් සිදු කරනු ලබන සමාජ සත්කාර්යයන් ද මෙම වෙබ් අඩවියෙන් ඉදිරිපත් කරනු ලබන බවත් කාරුණිකව දන්වා සිටිනු ලැබේ.

වෙබ් අඩවිය පිළිබඳව ඔහුගේ අදහස..

මෙම වෙබ් අඩවිය මගින් මම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන කාරණා රාශියකි. ඒ අතරින් ප්‍රධාන වන්නේ ‍වෙල්ලස්සේ ප්‍රෞඩ ඓතිහාසික වටිනාකම, අතීත සහ වර්ථමාන ශ්‍රී විභූතිය හා ස්වභාවික පිහිටීම් , අතීතයේ පැවති ස්වයංපෝෂිත ආර්ථික රටාව සහ නිදහස් අරගල සඳහා වෙල්ලස්සේ දායකත්වය ආදියයි.

Read More ...

 

 

 

දේශයේ පිනෙන් පහළ වූ ඒ යුග පුරුෂයා වන්නේ ඩී.ජේ. විමලසුරේන්ද්‍රයන්ය.

මුහන්දිරම් දොන් ජුවන් විමලසුරේන්ද්‍ර හා දෝන ක්‍රිස්ටිනා ජයසිංහ යන මව්පියන්ට දාව දොන් ජයසේන විමලසුරේන්ද්‍රයන් 1874 සැප්තැම්බර් 17 වැනි දින, දකුණු පළාතේ ගාල්ල, ගල්වඩුගොඩ, මුහන්දිරම්වත්තේ දී උපත ලැබීය. උත්සාහයෙන් වැඩ කිරීම තුළින් වාසනාව උදා කරගත් පුද්ගලක් වූ ඔහුගේ පියා, දක්ෂ ස්වර්ණාභරණ, ලී කැටයම්, ඇත්දළ නිර්මාණ හා කැස්බෑ කටු වලින් ආභරණ නිපදවීමේ ශිල්පියෙකු මෙන්ම මෝස්තර නිර්මාණ කරුවකුද විය. එවකට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ආතර් ගෝර්ඩන් ඔහුගේ මේ සෞන්දර්යාත්මක නිර්මාණ දක්ෂතාවන් සම්බන්ධයෙන් විශ්මයට පත් විය. ඔහුගේ මේ අතිදක්ෂ කුසලතාවය ගැන ඇසූ බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා මහ රැජින ඔහු වින්සර් මාළිගයට කැඳවා තම නමේ මුලකුරු ද සිය මුද්‍රාවේ කොටවා ගත්තාය. එපමණක් නොව එම හැකියාවන් ඉතා ඉහළින් අගය කරමින් ඔහුට "මුහන්දිරම්" යන නාමය ද ප්‍රධානය කළාය.

මුදලියර් විමලසුරේන්ද්‍ර 1881 දී සිය පවුලේ සාමාජිකයන් සමඟ කොළඹ මරදානට පැමිණ, සිය පුතු වූ විමලසුරේන්ද්‍රයන් දිවයිනේ මුල් පෙළේ බෞද්ධ පාසලක් වූ ආනන්දයට ඇතුළු කළේය. ආනන්ද විද්‍යාලයේදී ඔහු සිය අධ්‍යාපන කටයුතු වල ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළේය. ලන්ඩන් විශ්ව විද්‍යාලයකින් පවත්වන ලද විභාගයකින් සමත් වූ  පළමු ආනන්දියා ලෙස ගෞරවය ලබමින් කේම්බ්‍රිජ් සීනියර් විභාගය සහ ලන්ඩන් මෙට්‍රික්‍යුලේෂන් විභාගය ඉතා ඉහළින් සමත් විය. මුල සිටම ඔහු වැඩි ඇල්මක් දැක්වූයේ ගණිතය හා විද්‍යාව විෂයන්ට වූ අතර වඩාත් සිත් ගත් විශයයන් වූයේ, ශුද්ධ ගණිතය, ව්‍යවහාර ගණිතය සහ භෞතික විද්‍යාව විෂයයන්ය. මේ අතර ඉන්දියාවට ගොස් ලන්ඩන් සිවිල් ඉංජිනේරු ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය ලබා ගන්නා ලදි (AMICE). ඒ අනූව ඔහු පූර්ණ වෘත්තීය සුදුසුකම් ලත් ඉංජිනේරුවකු විය. 1898 දී රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයා ලෙස පත්වී වසර තුනකින් දියතලාවේ සේවය සඳහා යොදවන ලදි.

බණ්ඩාරවෙල - බදුල්ල දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ කොටස් කරුවකු ලෙසින් දෙමෝදර දඟර උමං දුම්රිය මාර්ගය සැලසුම් කිරීම ඔහුගේ අති දක්ෂ තාක්ෂණ දැනුම මොනවට පිළිඹිබු කරන්නක් විය. බදුල්ල දක්වා වූ දුම්රිය මාර්ගය සැතැපුම් 3½ කින් කෙටි කරමින් කළ මේ විශ්ව කර්මය අද ද ජාතික සිහිවටනයක් ලෙස පවතී.

මේ අතර ගාල්ල දිස්ත්‍රික් ඉංජනේරුවරයා වශයෙන් පත්වීම් ලද විමලසුරේන්ද්‍ර සිය නිජබිම වූ දකුණු පළාතේ සේවය සඳහා යොමු විය. ඔහු නුවරඑළිය ප්‍රදේශයේ සේවය සඳහා යොදවනු ලබන්නේ ඉන් අනතුරුවය.

1927 රජයේ විදුලි දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසුව එහි ප්‍රධාන ඉංජිනේරු හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබීය.

ලක්ෂපාන ජල විදුලි ව්‍යාපෘතිය නමැති නූපන් ළදරුවා බිහිකිරීමේ තාක්ෂණික මෙහෙයුම ඔහු ආරම්භ කළේ මේ වකවානුවෙහිය. විමලසුරේන්ද්‍රයන් ගේ තාක්ෂණ දැනුම යටත් විජිත පාලකයන් යොදාගනු ලැබූයේ මෙම භූමියේ ඇතැයි ඔවුන් විශ්වාස කළ රත්රන් හා වෙනත් ඛණිජ නිධි සොයා ගැනීම සඳහාය. මේ සඳහා ඔහුට සහායකයකු වශයෙන් යොදවා තිබුණේ එවකට එංගලන්ත පාලන කාලය තුල මෙරට සිටි අප්‍රිකානු ‍බෝර් ජාතිකයෙකි. රත්රන් නිධි සොයා නුවරඑළිය හා අවිස්සාවෙල්ල අවට ගණ කැළෑ පීරමින් වෙහෙසුණු මෙම දෙපොලට අහම්බෙන් හමු වූ ලක්ෂපාන ඇබර්ඩීන් දිය ඇල්ල දුටු සැණින් අප්‍රිකානු ජාතිකයා කුල්මත්ව කෑගසමින් විමලසුරේන්ද්‍රයන්ට පවසා ඇත්තේ පොළව යට තිබෙන නොපෙනෙන රත්රන් වලට වඩා දෑස් ඉදිරිපිට මේ කඩා හැලෙන රත්රන් ප්‍රයෝජනයට ගන්නා ලෙසයි. කෙහෙල්ගමු ඔය හා මස්කෙළි ඔය යන ගංඟා දෙකේ ජලය එක ප්‍රවාහයකට ගෙන, එම ශක්තියෙන් විදුලිය නිපදවීම තුළින් මෙරට කාර්මික පුනර්ජීවයක් ඇති කිරීම සඳහා, මෙම දේශමාමක යෞවනයා තුළ මතු වූ සිතුවිල්ල අප හෙළ දේශයට ආශිර්වාදයක් විය. එහෙත් මෙම උත්සාහය සාර්ථක කරගැනීම ඔහු සිතූ තරම් සුමට නොවීය. මේ ස්වභාවික ධන නිධානය ගැන ඇසූ සැණින් මේ සුදු මිනිසුන් උද්දාමයට පත්වනු ඇතැයි ද, එමඟින් තම සිතුවිල්ල ක්‍රියාත්මක කිරීමට ඔවුන්ගේ ආශිර්වාදය හිමිවනු ඇතැයිද විමලසුරේන්ද්‍රයන් සිතුවද සිදුවූයේ අනෙකකි. ජල විදුලිය පිළිබඳව වූ මෙම දේශීය තාක්ෂණ ශිල්පියාගේ නැවුම් සිතුවිල්ල යටත්විජිත අනුගාමිකයන්ට නිසරු කන්දොස්කිරියාවක්ම විය. ඔවුන් මෙය අසාර්ථක කිරීම සඳහා ඉදිරිපත් කරන ලද තර්ක විමලසුරේන්ද්‍රයන් බිඳ හෙළන ලද්දේ, ඔවුන්ගේම රටවලින්ම සපයා ගත් සැබෑ හා සජීවී උදාහරණ වලින්මය.

එහෙත් මේ තරුණ ඉංජිනේරුවරයා නොවේ මේ කිසිඳු කෙනෙහිලිකමකින් අධෛර්යයට පත් වූයේ.

1918 වසරේ ලංකා ඉංජිනේරු සංගමය අමතා දේශනයක් පවත්වමින් විමලසුරේන්ද්‍රයන් මෙම අදහස ඉදිරිපත් කරමින් ඉන්ධන වලින් නිපදවනු ලබන විදුලි බලයට වඩා ජල විදුලිය පරිහරණය කිරිමේ ඇති ආර්ථිකමය වාසි පෙන්වා දෙන ලදි.

කෙසේ හෝ දශකයකට අධික කාලයක් තිස්සේ මතුවෙමින් හා නැවත යට යමින් පැවති ලක්ෂපාන ජල විදුලි යෝජනා ක්‍රමය, 1924 වර්ෂයේදී ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කරන ලදි. මෙම ලක්ෂපාන ව්‍යාපෘතිය සඳහා සර් ජේමිස් පීරිස් , ආචාර්ය මාකස් ප්‍රනාන්දු, සර් පොන්නම්බලම් අරුණාචලම් සහ ඩී.ආර්. විජේවර්ධන යන මුල් පෙළේ විද්වත්හූ සහයෝගය දැක්වූහ.

ඒ නමුදු මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී, එහි මූලික පදනම සකස් කළ විමලසුරේන්ද්‍රයන් නොසලකා හළ සුදු පාලකයෝ එම වගකීම තමන්ගේ පිරිසකට පැවරූහ. මේ හේතුවෙන් ලක්ෂපාන නිර්මාතෘ වූ අපේ ඉංජිනේරුවරයාට බලවත් අසාධාරණයක් සිදු වූ අතර, ඒ හේතුව නිසාම ඔහු නැවතත් විදේශගත විය.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය භාරගත් විදේශික ඉංජිනේරුවරුන්ගේ තිබූ නොහැකියාව හා අසාර්ථකත්වය හේතුවෙන් ඒ වන විටත් රුපියල් මිලියන 3.5 ක් වැය වී තිබූ ලක්ෂපාන ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 1927 වසරේ අප්‍රේල් මාසයේදී අත්හිටුවන ලදි.

එසේ නතර කරන ලද ලක්ෂපාන බලාගාරයේ ඉදිකිරීම් කටයුතු 1938 වසරේ ආරම්භ කර 1950 දී විදුලි ජනන කටයුතු අරඹන ලදි. ලක්ෂපාන පලමු අදියර ස්ථාපිත වූයේ ඒ අයුරිනි.

ඔහු 1928 දී රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවරයා වශයෙන් පත් කරනු ලදුව, කොලොන්නාව විදුලි බලාගාරය පිහිටුවීමේ පුරෝගාමියාද විය. පසුව මෙරට පාලනය භාරව පැමිණි, ඉංග්‍රීසි ජාතික දක්ෂ ඉංජිනේරුවකු වූ සර් හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා නමින් මෙම බලාගාරය නම් කෙරිණි.

මේ වන විට ලක්ෂපාන ද ඇතුළුව ජල විදුලි උත්පාදනය සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබූ අතර, එවකට පැවැති ආණ්ඩුව ද කොළඹ විදුලි සැපයුම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට විය. ඒ අනූව, ට්‍රෑම්ප් රථ සේවය හැර කොළඹ නගරයේ ඉතිරි විදුලි සැපයුම් කටයුතු 1927 මාර්තු මස සිට පවරා ගැනීමට ව්‍යවස්ථාදායක මණ්ඩලය අනුමත කරන ලදි. මේ සඳහා පවුම් 245,000 ක් වැය කරන ලද අතර එහි අධීක්ෂණ කටයුතු රජයේ විදුලි දෙපාර්තමේන්තුවට පවරන ලදි. ඒ අනූව 1928 ජනවාරි මස විමලසුරේන්ද්‍ර මහතා එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස වැඩභාර ගනිමින් කොළඹ නගර විදුලි සැපයුම් කටයුතු වලට ද  සක්‍රීය දායකත්වය දෙන ලදි. ස්ටැන්ලි තාප විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එකතු වූයේ මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසයි.

තෙල් හා අඟුරු වලට වැය වන විශාල මුදලක් නිකම්ම ගලා බසින වතුරෙන් ඉතිරි කරගැනීමට මඟ පාදා දුන්නේ විමලසුරේන්ද්‍රයන් බව, ස්ටැන්ලි බලාගාරය විවෘත කිරීමේ උළෙලේදී, ප්‍රකට ඉංග්‍රීසි ඉංජිනේරුවරයකු වූ පිට්කිට්ලි පවසා ඇතැයි 1929 මාර්තු 12 පළවූ "සිංහල ජාතිය" පුවත්පත වාර්තා කර ඇත. ජලවිදුලි උත්පාදනය සම්බන්ධයෙන් අපගේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයා ගෙනෙන ලද යෝජනා හා ව්‍යාපෘති සුදු පාලකයන් විසින් අවඥාවෙන් බැහැර කරද්දී, ඒ සඳහා යම් වටිනාකමක් දෙමින් සුභවාදීව ඒ දෙස බැලුවේ හා කථා කළේ පිට්කිට්ලි පමණි. පිට්කිට්ලිගේ මේ වර්ණනාත්මක කථාවට සවන් දෙමින් සිටි ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා ද මේ අතිදක්ෂ සිංහල ඉංජිනේරුවරයාගේ උත්සාහය අගය කරමින් ප්‍රසංශා මුඛයෙන් කතා කරමින් මෙරට ජලවිදුලි උත්පාදනයේ අනාගතය සම්බන්ධව යහපත් බලාපොරොත්තු ඇති කළේය.

30 වසරක කීර්තිමත්, ආදර්ශමත් හා අභියෝගාත්මක සේවයකින් පසුව විමලසුරේන්ද්‍ර මැතිතුමා, වයස අවුරුදු 55 දී ගෞරවාන්විතව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබීය. මෙතුමා 1953 අගෝස්තු 10 වන දින ලොවෙන් සමුගත්තේය. එම මරණ මොහොතට පෙර හෝ ඉදිවෙමින් පැවතුණ ලක්ෂපාන විදුලි බලස්ථානයේ උමං මාර්ගයෙන් ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා රෝද පුටුවක තබාගෙන ගොස් එය අත් දැක්වීමට සැලැස්වීම එතුමාට කරන ලද මහත් අස්වැසිල්ලක් විය.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මැතිුන්ට උපහාරයක් වශ‍‍යෙන් නිකුත් කරන ලද ලිපිය ඇසුරිණි.

පරිගණක සැකසුම :- බදුල්ලේ ‍උෂාණි ලක්ෂිකා ‍‍වික්‍රමාරච්චි මෙ‍නවිය විසිනි.

 

 
Bookmark and Share
Copyright © 2010 - 2017 Nawarathna Mihira Bandara Wijekoon. All Rights Reserved.