උණුසුම් පුවත්

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday419
mod_vvisit_counterYesterday1197
mod_vvisit_counterThis week1616
mod_vvisit_counterLast week7724
mod_vvisit_counterThis month13972
mod_vvisit_counterLast month31209
mod_vvisit_counterAll days1421177


ළමා කාලය | පාසැල් අවදිය | පාසලෙන් පසු සහ රැකියාව

සම්පූර්ණ නම - විජේකෝන් මුදියන්සේලාගේ නවරත්න මිහිර බණ්ඩාර විජේකෝන්

උපන්දිනය - 1978 - 02 - 06

උපන් ස්ථානය - බදුල්ල මහ රෝහල

පියා - විජේකෝන් මුදියන්සේලාගේ ගුණපාල

පියාගේ රැකියාව - ගොවිතැන

මව - දිසානායක මුදියන්සේලාගේ සුදු කුමාරි

මවගේ රැකියාව - විශ්‍රාමික මැහුම් පරිපාලිකා

බිරිද - ජයනි චාමිකා නන්දසේන

පුතා - සෙනිත් මේනුල බංඩාර විජේකෝන්

සහෝදරිය - ඉරෝෂනී මිහිරි කුමාරි විජේකෝන්. ඇය දැනට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ පරිඝණක ක්‍රියාකාරිණියක ලෙස කටයුතු කරනු ලැබේ.

සහෝදරයා - රජිත සම්පත් බංඩාර විජේකෝන්. ඔහු දැනට කඩවත "රන්පා" පාවහන් ආයතනයේ නිෂ්පාදන සම්බන්ධිකාරක වරයෙකු ලෙස කටයුතු කරනු ලැබේ.

ළමා කාලය

ළදරු අවදිය ගතකලේ විහාරමුල්ල "පාරේ ගෙදර" නම් වූ මවගේ මහ ගෙදර, මවට ඇතිමලේ ප්‍රදේශයට ලැබුනු ස්ථාන මාරුව හේතුවෙන් ඇති‍මලේ දී ලැබුනු නිළ නිවස වන ජනපද නිළධාරී නිළ නිවසේ සහ කුඹුක්කන සිල්බර පාරේ තිබූ පියාගේ  හිතවතකුගේ නිවසේය. පසුව ස්ථිර පදිංචිය වූයේ විහාරමුල්ල මහ ගෙදර‍ට සමීපව ඉදිකල නිවසකය.

<< ඉහලට

පාසැල් අවධිය

පෙර පාසැල් අධ්‍යාපනය ලැබුවේ මොනරාගල ශාන්ත අන්තෝනි කිතුනු දේවස්ථානය මගින් පවත්වාගෙන යන ළදරු පාසලේය. එහි ගුරුතුමිය වූයේ ඥාති සොයුරියක වන ප්‍රේමා පටබැඳිගේ මහත්මියයි.

පෙර පාසැල් අධ්‍යාපනය ලබන අවදියේදීම විහාරමුල්ල පුරාණ රජමහා විහාරය මගින් පවැත්වූ සිරි සුනන්ද දහම්පාසලට ඇතුලුවී දහම් අධ්‍යාපනය හැදෑරීම‍ට පටන් ගත්තේය. එවකට එහි විහාරාධිපතිත්වය දැරුවේ මවගේ වැඩිමහල් ‍සහෝදරයකු  වූ මුප්පනේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ ය. දහම් පාසල් අධ්‍යාපනයේ මුල් ගුරුතුමිය වූයේ ඥාති සොයුරියක වන ආර්.ආර්.පියසීලී මහත්මියයි.

දහම් පාසලේ දීප්තිමත් ශිෂ්‍යයකු වශයෙන් මුල් කාලෙය් සිටම දක්ෂතා පෙන්වා ඇත. සෑම විටම දහම් පාසැල නියෝජනය කරමින් ප්‍රාදේශීය තරඟ සඳහා සහභාගී වී ඇති අතර බොහෝ අවස්ථා වල දිස්ත්‍රික් තරඟ සඳහා සුදුසුකම් ලබා ඇත. එක් අවස්ථාවක පද්‍ය ගායනා තරගයක් සඳහා සමස්ථ ලංකා මට්ටමේ තරඟයකට ද සහභාගී වී ඇත. ඒ 1987 වර්ෂයේ දීය.

එම නියෝජනය සඳහා දිස්ත්‍රික් ජයග්‍රහණ වෙනුවෙන් හිමි ත්‍යාගය එවකට බුද්ධ ශාසන හා සංස්කෘතික ඇමතිව සිටි ඊ.එල්.බී.හුරුල්ලේ මහතා අතින් ලබා ගැනුනි.

දහම් පාසැලේදී භක්ති ගීත සහ නාට්‍ය ආදී වැඩසටහන් වලට සහභාගී වෙමින් කටයුතුකර ඇත.

ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යෙයකුව සිටියදී දහම් පාසැල් ශිෂ්‍ය නායක ධූරයද හොබවා ඇත.

දහම් පාසැලේ සෑම වාර විභාගයකින්ම ගෞරව සාමාර්ථ හිමිකරගෙන ඇත.

 

පාසැල් අධ්‍යාපනය

ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මොනරාගල මහානාම කනිෂ්ඨ විද්‍යාලයෙනි. එවකට එහි විදුහල්පති වූයේ සිරිවර්ධන මහතා යි. භිෂණ සමයේ එතුමාගේ ඝාතනයත් සමග නව විදුහල්පතිනිය වූයේ සුමනසීලී මහත්මිය යි. මෙම විදුහල්පතිවරුන් දෙදෙනාම දෙමවුපියන්ගේ ගුරුවරුන් හා හිතවතුන් වීම නිසාවෙන් ඔවුන්ගේ පෞද්ගලික අවධානය මුල් කාලයේ සිටම හිමිවිය.

1 වසර පන්ති භාර ගුරුතුමිය වූයේ මාලනී පෙරේරා මහත්මිය (1984) යි.

මහානාම කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ සියලුම විශයයන්ට විශිෂ්ඨ දක්ෂතා පෙන්වා ඇත.

සනීර සුරංග හෙට්ටිආරච්චි, එස්.එච්. චමින්ද ජයන්ත, මලින්ද සේනාල් ලසන්ත දිසානායක, අනෝජ් පුෂ්පමාල් අත්තනායක,  සංජු ශ්‍යාමාල් තිලකරත්න, වින්දන හර්ෂජිත් පෙත්තනායක, ධනුක තරංග, සංජීව රාමනායක, චන්දන තරංග අත්තනායක, ටී.එච්. සංජීව, පද්මකුමාර ගමගේ. සනත් ධර්මසිරි, චමින්ද රත්නායක, කේ.ඒ. සරත් අනුර කුමාර, සුදත් ප්‍රියන්ත බංඩාර, ප්‍රදීප් චන්දන රණසිංහ, දිනේෂ් මංජුල හේවාපැලැන්දගේ, පූර්ණ ඉන්දික විජේතුංග, සුජිත් ප්‍රසන්න, විජිත කුමාර, ජයන්ත රණවීර, රවීන්ද්‍ර ප්‍රභූ, අජන්ත එඩ්වඩ්,  වයි.එම්. සෝමසිරි, ඩී.එම්. විජේරත්න, ඉරාන් සංජීව, අජන්ත රංජිත් කුමාර, තුසිත කුමාර වික්‍රමසිංහ, අසංක සංජීව ළමාහේවා, චමිල ඉන්දික ගල්වඩුගේ, එස්.ඩබ්. චමින්ද, රොමේෂ් සිරිමන්ද සිල්වා, රවිචන්ද්‍ර සුප්පයියා, වාස් සුරාජ් කනකා, වසන්ත ජයවික්‍රම, පර්සි (සිරිගල), විශ්වනාත් (සියඹලාණ්ඩුව), සේනක, සුගතදාස, ලලිත් (වෙලේවත්ත), සිවානන්ද,  නිශාන්ත (දුටුගැමුණූ පාර), සනත් (මදුරුකැටිය), ලෝලිත, නිලුපුල් (අලියාවත්ත), රොහාන් (සිරිගල), ආරියවංශ, කැළුම් (සිරිගල) , තලගල,  මධුර,  ඉන්ද්‍රපාල (අලියාවත්ත), ලෙනෝරා (වෙලේවත්ත),  රුක්ෂික, ශාන්ත අත්තනායක, ගීත් කැළුම් දේශප්‍රිය, චින්තක නන්දකුමාර, තුෂාර නයනකාන්ත, රත්නවීර රත්නායක, වී.ඩී. විපුලරත්න, අනෝජා කුමාරි වීරසිංහ, චතුරිකා නිර්මලී ගුණරත්න, සමන්ති ඒකනායක, ඉනෝකා ක්‍රිෂාන්ති, අනුරාධා රණසිංහ, කල්‍යාණී, චමිලා,  ප්‍රියානි, නිලූෂි, තමරා, මංජුලා, මේනකා, මංගලිකා රත්නායක, ජී.ටී. මල්ලිකා, චමිලා ලන්දගේ, එන්.බී. සාරංගා, නයෝමි විජයන්ති, සෞම්‍යා වත්සලා රත්නායක, සුජීවනී ප්‍රියංකා, ශ්‍යාමලී බංඩාර, සුරංගි නිලූකා, ලක්මිණී චූලාංගනී, සුමුදු සංජීවනී, දර්ශි තක්ෂිලා රත්නායක, දිස්නා අබෙගුණවර්ධන, සෞම්‍යා දුලාංජලී, සහ නිසංසලා රත්නායක යන ඔහුගේ එම පාසැලේ සම වයසේ මිතුරු මිතුරියන් තවමත් හොදින් මතකයේ ඇති අතර සමහර අය දැනට ගම හැර ගොස්ය.

ධර්මපාල ගමගේ ගුරුතුමාගෙන්ද මහානාම කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනගත් කාලයේ ඉගෙනගෙන ඇත.

5 වසර පන්තියේ දී ඔහු ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වූයේ එන්.බී. රූපරත්න ගුරුතුමාගේ සහ ඩබ්.ඒ.  කරුණාවතී (සිරිවර්ධන මැඩම්) ගුරුතුමියගේ පූර්ණ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේය. 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් (1988) සමත් වී මොනරාගල රාජකීය විද්‍යාලයට ඇතුලත් විය (1989). එවකට මොනරාගල රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා වූයේ ඩී.පී.දහනායක මැතිතුමාය.

 

මොනරාගල රාජකීය විද්‍යාලය

6 වසරට ඇතුලත් කල පසු පංතිභාර ගුරුතුමිය වූයේ ශ්‍රියාලතා පෙරමුණ මහත්මිය යි (1989).

පාසැල අවදියේ දී කැපී පෙනෙන සිසුවෙකු වීමේ අවස්ථාව ලැබුනේ 1990 වසරේ 7 වන වසර සිසුවකුව සිටියදී එවකට රාජකීය විදුහලේ බුද්ධම පඤ්ඤාලෝක හිමිගේ ඇරයුමෙන් උදෑසන රැස්වීමේදී කථාවක් පැවැත්වීමෙනි. ඒ 1990 සැප්තැම්බර් මාසයයි. සැප්තැම්බර් මාස යෙදී ඇති අනගාරික ධර්මපාල තුමාගේ ගුණ සමරුව නිමිත්තෙන් උදෑසන රැස්වීමේ කථාවකට සූදානම් වන ලෙස බුද්ධම පඤ්ඤාලෝක හිමියන් දැනුම් දුන්නේ සතියකට පමණ පෙරය. එදින සිට එයට සූදානම් වූයේ තනිවමය. එවකට කථාවක් පවත්වන ආකාරයවත් දැන සිටියේ නැත. 7 වන වසර දහම් පාසැල් පොතේ තිබුනු ධර්මපාල තුමා පිළිඹඳ කතාව කතාව කට පාඩම් කරගනිමින් එය සතිය පුරා පුහුණු වීමෙන් අනතුරුව එදින එම කතාව එලෙසින්ම ඉදිරිපත් කලේය. කුලතිලක, ධර්මකීර්ති, සන්ධ්‍යා සේපාලි, සමන්ති රූපසිංහ, සේපාලිකා, නිලූපා චන්දිමා, ජානක වැනි ජ්‍යෙෂ්ඨ දක්ෂ කථිකයින් සමග එදින කථා පවැත් වූ ලාබාලම සිසුවා වුවත් එම ජ්‍යෙෂ්ඨ සිසුන් සැමටම වඩා නිවැරදි උච්චාරණය පිළිඹඳව එදින රැස්වීම මෙහෙය වූ එවකට නියෝජ්‍ය විදුහල්පතිනිය වූ එස්.එස්. විජේසිංහ මහත්මියගේ (එරංගනී මැඩම්) විශේෂ ඇගයීමට පවා ලක් විය.

ඉන්පසු නිවැරදිව කථාවක් කර ආකාරය පිළිඹඳව කියාදුන්නේ බුද්ධම පඤ්ඤාලෝක හිමි හා ප්‍රේමා උක්වත්තගේ ගුරුතුමිය යි.

පසු කාලීනව නිරන්තරයේන් උදෑසන රැස්වීමේදී කථා පැවැත්වීමට මෙන්ම කථික තරඟ, විවාද තරඟ වලට පාසැල නියෝජනය කිරීමමේ භාග්‍යය උදා විය. පාසැල නියෝජනය කරමින් කලාප, දිස්ත්‍රික් සහ පළාත් තරඟ වලට සහභාගී වීමේ අවස්ථාවද උදා විය.

මෙම දක්ෂතා හේතුවෙන් 8 වන වසර සිසුවකුව සිටියදී විද්‍යාලයේ ලාබාලතම ශිෂ්‍ය නායකයා ලෙස වාර්ථාවක් තබමින් කණිෂ්ඨ ශිෂ්‍ය නායකයකු ලෙස පත් කිරීමට ඩී.පී.දහනායක විදුහල්පති තුමා තීරණය කරන ලදී.

කථික හා විවාද තරඟ සඳහා පාසැල නියෝජනය කරමින් කීර්තියක් අත්කර දීම, ශිෂ්‍ය නායක ධූරයේ රාජකාරි නොපිරිහෙලා ඉටු කිරීම, අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකිරීම වැනි කාරණා හේතුකොට ගෙන විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට කණිෂඨ අංශ භාර ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස 10 වන වසරේදී පත්කලේ කණිෂ්ඨ අංශයට අයත් 11 වන වසර ශිෂ්‍ය නායකයින් ද සිටියදී ය. එහි දී කණිෂ්ඨ අංශ භාර ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වූයේ 11 වන වසරේ සිටි අනූෂා සුමුදුනී ජයසේකර සොයුරිය යි.

මෙම කාල වකවානුවේ දී ඒ ඒ වසර වලදී විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සමිතියේ සභාපති ධූරය ද හොබවා ඇත. ඊට අමතරව විද්‍යාලයීය මත්ද්‍රව්‍ය නිවාරන කමිටුවේ සහ බෞද්ධ ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයන් ද හෙබවීමට අවස්ථාව උදාවිය.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය මගින් වාර්ෂිකව පවත්න විද්‍යා තරඟ මාලාව සඳහා වසර කීපයක් රාජකීය විද්‍යාල කණ්ඩායම නියෝජනය කරමින් සහභගී වීමට අවස්ථාව උදාවී ඇත. මෙම ගමන් වලදී එම විද්‍යාලයේ විද්‍යා ශිෂ්‍ය සංගමය හා එහි ක්‍රියාකාරීත්වය පිළිඹඳ පුලුල් අවබෝධයක් ලබානිමින්, විද්‍යාලය තුල ද විද්‍යා ශිෂ්‍ය සංගමයක් ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කලේ එවකට විද්‍යා අංශ භාර ආචාර්ය නිර්මලා අයිරින් මහත්මියගේ අනුශාසකත්වය යටතේ ය.

11 වන වසරේ ශිෂ්‍යයකුව සිටියදී රාජකීය විද්‍යාලයේ ඒ ඒ පංති අතර කථික තරඟ, විවාද තරඟ, ප්‍රශ්ණ විචාරාත්මක තරඟ වැනි තරඟ මාලාවන් පවත්වීම, විදුහලේ සිසු සිසුවියන්ගේ ක්‍රියාකාර කම් සහ නිර්මාණ ඇතුලත් විද්‍යා ප්‍රදර්ශනයක් පවත්වා පෙන්වූ දක්ෂතා අද පවා නිර්මලා අයිරින් මහත්මියගේ ඇගයීමට ලක් වෙමින් තිබේ.

රාජකීය විද්‍යාලයේ විද්‍යා ශිෂ්‍ය සංගමයේ ආරම්භක සභාපති හා ක්‍රියාකාරී සභාපති වරයෙකු ලෙස ඔහු විද්‍යාලයීය ඉතිහාසයට එක් වන්නේ එසේ ය.

සන්ධ්‍යා සේපාලී රත්නායක, ධම්මික සුදර්ශණ, සමන්ති රූපසිංහ, නිලූපා චන්දිමා දහනායක, ජානක නානායක්කාර,  මනුජ විපුලදාස, සමන්ති රධිකා ජයසූරිය, දිනූෂා චතුරංගනී ඔපනායක, දිලංකා නිරෝදනී රන්දිවෙල යන මිතුරු මිතුරියන් ඔහු රාජකීය විද්‍යාලයේ ගතකල අවධියේ සිටි අති දක්ෂ කථිකයින්ය.

ගයාන් ගීත්, ලලිත් සන්තුෂ රත්නායක, ඉදුනිල් චින්තක දහනායක, චන්දන තරංග අත්තනායක,  චානක උපේන්ද්‍ර තේනුවර, අනුර චමින්ද හේරත්, රොෂාන් චමින්ද ඒකනායක, දර්ශි රෝෂණා රත්නායක, ප්‍රභා කුමාරි බංඩාර, ඉනෝකා අයිරාංගනී ජයසේකර, මහේෂා ප්‍රසාදිනී දිසානායක, ඉන්දිකා පද්මරාජි ගුණවර්ධන,  කුමුදුමාලා ජයසිංහ, ශ්‍රියා ශාන්තී දිසානායක, ආදීන් ඔහුගේ සම වයසේ ළගම මිතුරු මිතුරියන්ය.

රවීන්ද්‍ර ධනපාල, ටී.කේ. සීදරාවෝ, කේ.එම්. අමරජීව, දිස්න සුරේෂ් බංඩාර,  ජනක වික්‍රමණායක, චමින්ද මංගල, නිහාල් කීර්තිසිංහ, අමල් දර්ශ වැලිහේන, රුවන් චමින්ද, අරුණ ශාන්ත දහනායක, කේ.ඒ.පී. උපුල්චන්ද්‍ර, අසංක සංජීව ළමාහේවා, වසන්ත (සිරිවිජයපුර), තුෂාර වන්නිආරච්චි, ඉන්දික, ප්‍රදීප් මධුකුමාර, චමින්ද දිනූෂ කුමාර, වරුණ ප්‍රභාත් බංඩාර, මනුර ප්‍රියන්ත, බංඩාර ඒකනායක, රවීන්ද්‍ර ප්‍රදීප් කුමාර, ජයනාත් බෙත්මගෙදර, පී.ජී. ප්‍රභාත් මංජුල, එච්.ඒ. සේනක ආරියදාස, බන්දුල ශ්‍රී සමන් කුමාර, සංජය විරාජ් ලක්මාල්, එස්.එම්. විජේරත්න බංඩාර, ඉදුනිල් ජයතිලක, ජාසිංහ, සුගත් අමරප්‍රිය, දිමුත් ශාන්ත, උපුල් සමන් කුමාර, පුබුදු සමරසේකර, රනිල් සදරංග, රේණුක පෙරේරා, සුගත් රත්නායක, අජිත් පෙරේරා, කපිල (හුලංදාව වම), බටගොඩ, සුරාජ් දන්ත කුමාර, චමිල ඉන්දික ජයසිංහ, ගයාන් ලසන්ත චන්ද්‍රසේන, කේ.එම්. සනත් බංඩාර, ගුණතිලක වෛද්‍යරත්න, සනත් විමලවීර, ඩී. ප්‍රදීප් ප්‍රසන්න, සුජිත් ශාන්ත, රසික ජයවර්ධන,  අරුණ ප්‍රදීප්, සුමිත් වීරසිංහ, ජීවන සුගන්ධ ජයවර්ධන, මහේනද්‍ර සම්පත් සෙනෙවිරත්න, නිශාන්ත මංජුල , තිළිණ සුරංජන් විපුලදාස, ආර්.එම්. උපුල් බංඩාර, උපුල් ඉන්දික ජයසිංහ, සුමිත් චන්දන, චමින්ද දිමුතු දිසානායක, දිනේෂ් ලංකා සිරිමාන්න, ඉන්දික නාරංගම්මන,  අයි.ඩබ්. නයන්ත ධම්මික,  මිලාන් ප්‍රසංග ද සිල්වා,  සමීර ගුණවර්ධන, නිමල් රංජිත් ප්‍රනාන්දු, රෝහණ ලක්සිරි හේරත්,  ජනරංජන ප්‍රගීත් කුමාර, ලලිත් ධර්මකීර්ති,  නිලන්ත, දර්ශණ සම්පත්, එල්.වයි. හෙන්ලි, දර්ශි තක්ෂිලා රත්නායක, සුනේත්‍රා නිලන්ති,  මානෙල්, නිලූකා (දඹගල්ල),  ශ්‍යාමලී, නෙළුම්, අනූෂි පූර්ණිකා රත්නායක, ලක්මාලී රත්නායක, මේනකා රත්නායක, සිත්‍රා, වර්ෂා ගංගානි වෙල්ලාලගේ, නිල්මිණී කෝණාර, තනුජා ශ්‍යාමලී තුෂාරිකා, සමන්ති රධිකා  ජයසූරිය, රොලෙන්කා ප්‍රියංගනී, චන්දිමා දසන්තී දේවමිත්ත, අප්සරා මධුභාෂිණී හේවගේ, ඉරෝෂා ප්‍රියදර්ශණී අත්තනායක, චම්පා (වෙහෙරගල), ශිවන්ති තිලක්ෂා සෙල්ලහේවා , තනුජා බැල්ලන්තුඩාව, සේපාලිකා (දුටුගැමුණු පාර),  සමුද්‍රා, අනුරාධා ලක්මාලී දීගලදියුණුගේ, ඉනෝකා ක්‍රිෂානි ලියනාරච්චි, රේණුකා (සිරිවිජයපුර), නුදේශා  (ඔබ්බේගොඩ), ගයනි මනෝරිකා, ශ්‍රියාණි සමන්තිකා, රුචිකා උදයකාන්තී, තනුජා කුමාරි බංඩාර, පුෂ්පා ශිරෝමී,  ඉනෝකා මනබන්ධු, නි‍ලූකා රොෂානි,  රේණුකා කපුරුසිංහ, නිලූෂි, ගයානි,  පවිත්‍රා, චන්ද්‍රා (ඌව පරණගම), චමිලා ප්‍රියන්තී, අමිතා (බඩල්කුඹුර), සේපාලිකා (බඩල්කුඹුර),  ක්‍රිෂාණි ශාන්තිනී පෙරේරා, කේ.ඕ. පද්මලතා, රසාංගිකා හේමමාලී, තුෂාරි ප්‍රේමනී සුමනසේන,   පුෂ්පිකා ප්‍රියදර්ශණී රත්නායක,   ඉන්ද්‍රා කුමාරි ජයසිංහ, ලාලනී රත්නායක, කාන්ති, රසිකා (ඔබ්බේගොඩ), චිත්‍රා (ඔබ්බේගොඩ),  ඩබ්.පී. ඉන්දිකා සමන්ති, ඉන්ද්‍රාණි (ගලබැද්ද), ලක්මාලි (ඔබ්බේගොඩ), මල්ලිකා, පද්මිණී (හුලංදාව වම), මංජුලා (හුලංදාව වම),  චතුරානි බුද්ධිකා සෙනෙවිරත්න, සන්ධ්‍යා ජයවර්ධන, පූර්ණිමා (පාලාරුව), ක්‍රිෂාන්ති (හුලංදාව වම),  විමලා රාජපක්ෂ, ඩිලූෂා (ඔබ්බේගොඩ), ශ්‍යාමලී (සියඹලාණ්ඩුව), ප්‍රියංකා තෙන්නකෝන්, චම්පිකා ප්‍රියන්තී ගුණරත්න, සහ මේනකා ගීතානී යන රාජකීය විද්‍යාලයේ සම වයසේ පංතිවල (සා/පෙළ සහ උ/පෙළ) ඉගෙනගත් මිතුරු මිතුරියන්ද තවමත් ඔහුට හොදින් මතක ඇති අතර සමහර අය දැනට ගම හැර ගොස්ය.

අ.පො.ස (සා.පෙළ) සමත් වීමෙන් අනතුරුව එම විද්‍යාලයේම භෞතික විද්‍යා අංශයෙන් අ.පො.ස (උ.පෙළ) අධ්‍යාපනය හැදෑරීම ආරම්භ කෙරිනි. ගයාන් ගීත්, චානක උපේන්ද්‍ර තේනුවර, කේ.එම්. අමරජීව, පී.ජී. ප්‍රභාත් මංජුල, කේ.ඒ.පී. උපුල්චන්ද්‍ර, රසික ජයවර්ධන, දිස්න සුරේෂ් බංඩාර,   සුනිල් අත්තනායක, සනත් විමලවීර, චමින්ද මංගල යන මිතුරන් ඔහු සමග  විද්‍යා අංශයේ (ජීව - භෞතික)  ඉගෙනුම ලැබීය. එයින් මිතුරන් කිහිප දෙනෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද  අවසන් කර අද  දේශීය විදේශීය උසස් රැකියාවල නිරත වේ. එය වෙල්ලස්ස මාතාවට ආඩම්බරයක් බව නවරත්න විජේකෝන් මහතා සිහිපත් කරන්නේ හදපිරි සතුටිනි.

පාසැල් කාලයේ සිටම ඔහුගේ හොදම මිතුරා වූයේ ගයාන් ගීත් ය. එවකට මොනරාගල ප්‍රාදේශීය ලේකම් එම්. මුණිදාස මහතා ගයාන්ගේ පියා විය.

12 සහ 13 වන වසරවල ඉගෙනුම ලබන අවදියේ දී උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස විදුහල්පති තුමා විසින් පත් කල අතර 13 වසරේදී  උප ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරින් සහ වෙනත් සමිති සමාගම් වල තනතුරු වලින් ඉවත් වූයේ අධ්‍යාපන කටයුතු වලට මුල්තැන දීමේ අභිලාශයෙනි. ආර්.එම්. සුමිත් ජයසුන්දර, එම්.ඩී. උදේනිසිරි අබේපාල, ජී.කේ. ධම්මික සුදර්ශණ, ආර්.එම්. සුදත් අතුල, එම්.ඩී. සුරංගසිරි අබේපාල සහ ධනුෂ්ක ප්‍රසන්න රත්නායක යන ප්‍රධාන ශිෂ්‍ය නායනයින් යටතේ සහ සමකාලීන සෙසු ශිෂ්‍ය නායක නායිකාවන් සමග ද ඔහු හොදින් හා සුහදව කටයුතු කර ඇත.

අ.පො.ස. (උ/පෙළ) හදාරණ කාලයේදී, මහානාම කණිෂ්ඨ විද්‍යාලයේ තමා සමග ඉගෙනගත් පැරණි මිතුරු මිතුරියන් රැසක් නැවත සහ වෙනත් විද්‍යාල වලින් පැමිණි මිතුරු මිතුරියන් රැසක් උපකාරක පන්ති වලදී ඔහුට ළගින් ඇසුරු කිරීමට අවස්ථාව උදාවිය.

සනීර සුරංග හෙට්ටිආරච්චි, චන්දන රොෂාන් හේරත්, නිලන්ත (තැරෑල), රත්නසිරි (තැරෑල), බුද්ධික (සියඹලාණ්ඩුව), උදය සම්පත් (ඔබ්බේගොඩ), සංජීව, නිමල්,  තුෂාර (දඹගල්ල), විමලසිරි (දඹගල්ල), ජයන්ත (දඹගල්ල), මලින්ද සේනාල් ලසන්ත දිසානායක, සෙනරත් සමන්සිරි, අනෝජ් පුෂ්පමාල් අත්තනායක,  සංජු ශ්‍යාමාල් තිලකරත්න, පද්මකුමාර ගමගේ, ජයන්ත රණවීර, උපුල් ජයලාල්, වසන්ත කුමාර ගජනායක, අශෝක, ගමගේ (පොඩි ගමගේ), අජිත් (කොටිගල්හෙල), අනෝජා කුමාරි වීරසිංහ, ඉනෝකා ක්‍රිෂාන්ති, බුහුටි ජය‍කොඩි, ශානිකා, හේමන්තා තුෂාරි, රුවිනි (මතුගම), මංජුලා  ප්‍රියදර්ශණී ඒකනායක, දිනූෂා (කුඹුක්කන), නිමාලි (බුත්තල), සුනීතා  මල්කාන්ති, යන අය සහ තවත් විශාල පිරිසක් ඔහු සමග අ.පො.ස. (උ/පෙළ) උපකාරක පන්ති වල (ජීව- භෞතික) එකට අධ්‍යාපනය ලැබූ අතර ඉන් මිතුරු මිතුරියන් රැසක්  විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද  අවසන් කර අද දේශීය විදේශීය උසස් රැකියාවල නිරත වේ. එයද වෙල්ලස්ස මාතාවට ආඩම්බරයක් බව නවරත්න විජේකෝන් මහතා සිහිපත් කරන්නේ හදපිරි සතුටිනි.

අවාසනාවකට ඔහුට උසස් පෙළ භෞතික විද්‍යා අංශයෙන් සමත් වීමට නොහැකි විය. පැවති ආර්ථික දුෂ්කරතා හේතුවෙන් වැඩිදුර අධ්‍යපනයට අවස්ථාවක් නොමැති විය.

<< ඉහලට

පාසැලෙන් ඉවත් වී‍මෙන් අනතුරුව...

සය මසක පමන ඇවෑමෙන් පෞද්ගලික රක්ෂණ සමාගමක මොණරාගල ශාඛාවේ විකුනුම් උපදේෂකයකු ලෙස රැකියා ජීවිතය ඇරඹීය.

මාස 6ක් පමණ එම රැකියාව කිරීමෙන් පසුව ඉන් ඉවත් වී සංචාරක හෝටලයක මුදල් අයකැමි ලෙස සේවය ඇරඹීය. එම රැකියාව සොයා දුන්නේ ඥාති සහෝදරයෙකු වන ලින්ටන් මූණමල්දෙනිය මහතායි. මාස 6ක් පමන එම රැකියාව කල අතර දැඩි ඒකාකාරී බව හේතුවෙන් ඉන් ඉවත් වී රැකියාව ලෙස ඇඟලුම් කම්හල් සමූහයක ප්‍රධාන කාර්යාලයේ පරිගණක ක්‍රියාකරුවකු ලෙස රැකියාව සොයා දුන්නේ ඥාති සොහොයුරකු වන එස්.බී.කොන්ඩදෙනිය මහතායි. මාස 3ක් පමණ එම රැකියාවේ නිරතව සිටියදී ලංකා විදුලිබල මණ්ඩලයට පත්වීමක් ලැබුනේ පියාගේ වැඩිමහල් සහෝදරයකු වූ එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලඥයකු වූ ජයසුන්දර විජේකෝන් මහතා ගේ මග පෙන්විමෙනි.

 

ලංකා විදුලිබල මණ්ඩලය...

1999-08-02 දින රාජකාරි බාරගැනීමට නියමිතව තිබුනේ ඌව පලාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලයටය. එදිනම දියතලාව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයට අනුයුක්ත කෙරිණි. ලංවිම ජීවිතයේ ඔහුගේ පළමු ශාඛා ප්‍රධානියා වූයේ එවකට දියතලාව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයාව සිටි එච්.ඒ.ආර්.ඩබ්. සෙනෙවිරත්න මහතාය.

මාස 2ක පමණ ඇවෑමෙන් සුහද මාරුවක් ලබාගෙන කොළඹට ගියේ අ.පො.ස (උ.පෙළ) වාණිජ්‍ය අංශයෙන් සූදානම් වෙමින් සිටි නිසා ය. එහිදී ලංවීම ප්‍රධාන කාර්යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකයේ මාස 4ක් පමණ සේවය කොට රත්මලාන නියෝජ්‍ය සාමාන්‍යධිකාරී බටහිර දකුණ කාර්යාලයට ගියේ එහි ඇති වූ පුරප්පාඩුවක් සඳහාය. එම කාර්යාලයේ ඔහුගේ ශාඛා ප්‍රධානියා වූයේ විදුලි ඉංජිනේරු  (වාණිජ) ඉන්දු ලොකුබාලසූරිය මහත්මියයි. එම කාර්යාලයේ සේවය කරමින් සිටින අතරතුර අ.පො.ස (උ.පෙළ) විභාගයට වාණිජ්‍ය විෂය ධාරාවෙන් පෙනී සිට සමත් වීමට හැකිවිය.

එම කාර්යයාලයේ සේවය කරන අතරතුර එහි සේවක සුභසාධක සංගමයට සම්බන්ධවී විවිධ සමාජ සේවා කටයුතු සඳහා තම දායකත්වය ලබා දුන්නේය. තම කාර්යාලයේ සේවක මහත්ම මහත්මීන්ගේ ආධාර උපකාර ඇතිව රත්නපුර කුරුවිට “පැරඩයිස්“ අනාථ ළමා නිවාසයට විශාල ද්‍රව්‍ය ආධාර ප්‍රමාණයක් ලබා දීමේ වැඩසටහනට මුල්වී ක්‍රියා කිරීම ඔහුගේ ලංවිම ජීවිතයේ පලමු සමාජ සේවා වැඩසටහන වේ. එහි සේවක සුභසාධක සංගමයේ සිටි නිළධාරින් වන එම්.එල්. සහබන්දු, අනුර විජේසිංහ, ශාන්ති සූරිආරච්චි, සුනිල් විතානාච්චි, කේ.ආර්.එච්. පෙරේරා, සරත් චන්ද්‍රසිරි, නෙල්සන් පෙරේරා යන මහත්ම මහත්මීන් සමග  සහ සෙසු නිළධාරින් හා සාමාජිකයින් සමග ද ඔහු සුහදව කටයුතු කළේය.

ලංවිම තුල විවිධ වෘත්තීය සමිති රැසක් තිබුන ද පරිගණක දත්ත සටහන් කරුවන් සඳහා වෘත්තීය සමිතියක් නොවීය. මෙම අවශ්‍යතාවය තේරුම්ගත් ජ්‍යේෂ්ඨ දත්ත සටහන් කරුවන් කීපදෙනෙකු වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට සැරසෙන මොහොතේ නවරත්න විජේකෝන් මහතාගේ හැකියාවන් පිළිඹඳ දැනගන්නට ලැබී මූලික සාකච්ඡා වට සඳහා මොහුව සම්බන්ධ කරගන්නු ලැබීය. එම ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස 2000 වසරේ ආරම්භ කල ලංවිම දත්ත සටහන් ක්‍රියාකරුවන්ගේ සංගමයේ ආරම්භක විධායක සභිකයකු ලෙස පත්වීමට අවස්ථාව ලැබුනේ සංගමය ආරම්භ කිරීමට කල දැඩි කැප කිරීම නිසාවෙනි.

මෙම කාලයේදී මොහු ලංවිම ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයට ද සම්බන්ධ විය.

වෘත්තීය සමිතියේ වැඩකටයුතුවල දැඩි කැපවීම නිසා 2002 වසරේ දී දත්ත සටහන් ක්‍රියාකරුවන්ගේ සංගමයේ උප ලේකම් ධූරයට නිතරඟයෙන් තේරී පත්විය.

නියෝජ්‍ය සාමාන්‍යධිකාරී බටහිර දකුණ කාර්යාලයේ සේවය කල අවුරුදු 03ක පමණ කාලය තුල  චන්දන සමරසිංහ, යූ.කේ.ඩබ්. සිල්වා සහ අයෝමි තිලකරත්න යන යන එවකට ප්‍රධාන ඉංජිනේරුවරු යටතේ ද සේවය කීරීමට නවරත්න විජේකෝන් මහතාට අවස්ථාව ලැබුණු අතර එම කාලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වරයා ලෙස කීර්තිමත් එෆ්.කේ. මොහිදීන් මහතා කටයුතු කලේය.

ඉන්පසු අභිනවයෙන් ආරම්භ කළ බටහිර පළාත් දකුණ (ii) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලයට සිය කැමැත්තෙන් මාරුවක් ගෙන පැමිණියේ ආපසු ගමට ඒමේ අභිලාෂයේ මූලික පියවරක් වශයෙනි.

නව කාර්යාලයේ තිබූ අධික වැඩ කටයුතු වලදී ක්‍රියා කලේ තම තනතුරට අදාල රාජකාරි ගැන පමණක් නොසිතමිනි. ඒ ලංවිමට තිබූ අසීමිත ආදරය නිසාය. මෙම කාර්යාලයේ සේවය කරන අතරතුර ද වෘත්තීය සමිතියේ වැඩකටයුතු සහ විවිධ පොදු වැඩකටයුතු වලදී උර දී කැපවීමෙන් ක්‍රියා කළේය.

මෙහි ඔහුගේ ශාඛා ප්‍රධානීන් වූයේ එවකට ප්‍රධාන ඉංජිනේරු කේ.ඒ. කරුණාසේන මහතා සහ එවකට වාණිජ ඉංජිනේරු මහානාම හෙට්ටිආරච්චි මහතාය. එම කාලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී බටහිර පළාත් දකුණ (ii) ලෙස ඩී.ජී.ඒ. අබේගුණවර්ධන මහතා කටයුතු කලේය.

2003 වසරේ දී ලංවිම තුල ඉතිහාසගත වාර්ථාවක් තබමින් වෘත්තීය සමිතියක නායකත්වයට පත්වූ ලාබාලතම නායකයා වෙමින් ලංවිම දත්ත සටහන් ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති පදවියට පත්වූයේ ඈත දුෂ්කර ඌව වෙල්ලස්ස ප්‍ර‍දේශයෙන් ලංවිම තුල බිහි වූ පළමු වෘත්තීය සමිති නායනයා ද වෙමිනි. එය ඌව වෙල්ලස්සට ද ආඩම්බරයකි.

දත්ත සටහන් ක්‍රියාකරුවන්ගේ සංගමයේ ක්‍රියාකාරීත්වය සහ එදා මෙදා තුර ලංවිම සේවකයන්ගේ අභිවෘධිය අරභයා කල වෘත්තීය අරගල වලදී සංගමය නියෝජනය කරමින් තම උපරිම දායකත්වය ලබාදුන් බවට එහි සිටි සහ දැනට සිටින වෘත්තිය සමිති නායකයින් සාක්ෂි දරනවා ඇත. කේ.ඒ.එන්. උදය කුමාර, පද්මලතා මැණිකේ, කේ.ජී. චන්ද්‍රාණි, ශිරෝෂා කුමාරි, තිවංක බෙල්ලනආරච්චි සහ මංජු දිල්රුක් ද අල්විස් යන ලේකම් වරුන් සමග සහ ගීතා ප්‍රනාන්දු, ප්‍රශාන්ත හේමසිංහ, හිරෝෂ් ජයසේකර සහ ලංකා නන්දතිලක යන භාණ්ඩාගාරික වරුන් සමග මෙන්ම සෙසු නිළධාරින් හා සාමාජිකයින් සමග ද ඔහු සුහදව කටයුතු කර ඇත.

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනය සිදුවූයේ නවරත්න විජේකෝන් බටහිර පළාත් දකුණ (ii) කාර්යාලයේ සේවය කරන වකවානුවේය. එම කාර්යාලයට අයත් හොරණ, හෝමාගම, අවිස්සාවේල්ල සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලවල හා ඒවාට අයත් පාරිභෝගික සේවා මධ්‍යස්ථානවල සේවක සේවිකාවන් විසින් එක්රැස්කරන ලද අති විශාල ද්‍රව්‍ය ආධාර ප්‍රමාණයක් රැගෙන අම්පාර ආධාර රැස්තිරීමේ මධ්‍යස්ථානයට ගෙනගොස් භාරදීම ඔහුට අමතක නොවන සිදුවීමකි. තම කාර්යාලයේ සහෝදර විදුලි අධිකාරී කරුණාසිරි මහතා සහ රංජිත් හා සෝමරත්න යන සේවක මහතුන් දෙපලද එදින මේ ගමනට ඔහු සමග එක්විය.

අවුරුදු 1 1/2 පමණ කාලයක් එම කාර්යාලයේ සේවය කිරීමෙන් අනතුරුව 2005 ඌව පලාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලයට නැවත පැමිණියේ නගරයේ ජීවිතයට ඇති අකමැත්තත් ස්ථිර පදිංචිය වූ මොනරාගලට ආසන්නව එවකට තිබූ කාර්යාලය එය වීමත් නිරන්තරයෙන් තම දෙමවුපියන් පිළිඹඳව සොයා බැලීමටත් ඇති හැකියාව නිසා ය.

නගරයෙන් ගමට පැමිණීමත් සමග වෘත්තීය සමිතියේ ක්‍රියාකාරීත්වයෙන් මඳකට ඉවත්වීමට සිදුවූ නමුත් උප සභාපති වරයකු ලෙස සිටින ලෙස සංගමය යෝජනා කලෙන් එය භාර ගැනීමට සිදු විය.

බදුල්ල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලයේ සේවය කරමින් සිටින අතරතුර ද විවිධ පොදු වැඩකටයුතු වලදී තම දායකත්වය හා නායකත්වය ලබා දී ඇත. ඒ අතරින් ප්‍රධාන වන්නේ 2005 වෙසක් පොහොය දින සවස කාර්යාල පරිශ්‍රය අසල පැවැත්වූ මහා ඔසු පැන් දන්සැල සංවිධානය කිරීම යි. ඔහුගේ සංකල්පයක් අනුව එය ක්‍රියාත්මක කලේ තමා අනාගතයේදී මොනරාගලට මාරුවක් ලැබ ගියහොත් තමා පිළිබඳ මතකයක් බදුල්ල ලංවීම සහෘදයන්ට ඉතිරි කිරීමට ය. එදින රාත්‍රිය කාර්යාල පරිශ්‍රය ආලෝකවත් කරමින් පහන් 500ක ආලෝක පූජාවක්  ද සිදු කෙරුනේ එහි දෙවන අදියර ලෙසිනි. එවකට තම ශාඛා ප්‍රධානියා වූ යූ.එන්.අත්තනායක ප්‍රධාන ඉංජිනේරු මහතාගේ පූර්ණ මග පෙන්වීම යටතේ පැවැත් වූ මෙම වැඩසටහන සඳහා කාර්යාලයීය සහෘද සැම එකාවන්ව දායකත්වය ලබා දුන් අතර ආරම්භයේ සිටම තම දෑත මෙන් ලඟ සිටියේ ආර්.එම්.පියරත්න සහ ඩී.ඩබ්.සී.එම්.නිශාන්ති යන සහෘදයින්ය.

මාස 10ක් පමණ එහි සේවය කරන අතරතුර මොනරාගල අභිනවයෙන් ආරම්භ කළ නව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයට සිය කැමැත්තෙන් ගියේ එම කාර්යාලයේ මුල්ම සේවක මහතා ලෙස ලංවිම ඉතිහාසයට එත් වෙමිනි.

එම කාර්යාලයට පැමිණීම තම ජීවිතයේ අමතක නොවන සිහිවටන රාශියකින් සමන්විත විය. අභිනව කාර්යාලයේ තිබූ සියලුම ආකාරයේ රාජකාරි තෙමසක් පමණ තම වගකීම බවට පත්කොට ගෙන ඉටුකලේ ලංවිම මාතාවට මෙන්ම වෙල්ලස්සේ ආදරණීය ජනතාවට එම කාර්යාලයෙන් මතු ඉටුවන සේවය පිළිඹද තමා හොඳින් දැන සිටි නිසාය.

තමා මෙතෙක් රාජකාරි කල ස්ථාන වලට වඩා මෙම කාර්යාලයේදී තමාට පැවරෙන නිළ රාජකාරි වල දැඩි වෙහෙසකර බව පවා නොතකා ගමට පැමිණියේ වෙල්ලස්සේ  ජනතාවට රාජකාරි මට්ටමෙන් හා ඉන් පරිභාහිරව සේවය කිරීමට තමා තුල ඇති දැඩි අවශ්‍යතාවය පෙරදැරි කරගෙනය.

 

විවාහය හා ඇය ගැන....

නවරත්න විජේකෝන් 2006 අගෝස්තු මස 31 වන දින විවාහ විය. ඔහුගේ අතගත් මනාලිය වූයේ  ජයනි ය. ඇයගේ පියා විශ්‍රාමලත් කෘෂිකර්ම උපදේශකවරයෙකු වන පී.කේ. නන්දසේන මහතා වන අතර මව විශ්‍රාමලත් ග්‍රාම නිළධාරීවරියක් වන පී.කේ. චන්ද්‍රාවතී මහත්මියයි. ඔවුන්ගේ ස්තීර පදිංචිය කළුතර දිස්ත්‍රීක්කයේ අගලවත්ත ප්‍රදේශයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීගහතැන්න නම් වූ සුන්දර ගමේය.

දෙමාපියන් අනුරාධපුර ප්‍රදේශයේ සේවය කල සමයේ වර්ෂ 1978 ක් වූ ඉල් මස 03 වන දින තඹුත්තේගම රජයේ රෝහලේදී ජයනි චාමිකා නන්දසේන දියණිය ඉපදී ඇත. ඇය කළුතර මෙරිල් කාරියවසම් මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවකි.

පවුලේ එකම දියණිය වන ඇයට සොහොයුරන් දෙදෙනෙකි. ඇයගේ වැඩිමහල් සොහොයුරා  වන ප්‍රියංක ප්‍රභාත් නන්දසේන මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහනිර්මාණ ශිල්පය පිළිබද  විද්‍යාවේදී සහ විද්‍යාපති උපාධි සමත්ව දැනට ඕස්ට්‍රේලියානු රජයේ උසස් රැකියාවක නිරත වෙමින් පුරවැසි භාවය ලබාගෙන එරට පදිංචි වී ඇත. ඇයගේ බාල සොහොයුරා වන තරංග චමින්ද නන්දසේන මහතා රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය සමත්ව පෞද්ගලික අංශයේ උසස් රැකියාවක නිරත වේ.

 

ආදරණීය කුළුදුල් පුතු ගැන....

නවරත්න සහ ජයනිගේ කුළුදුල් පුතු සෙනිත් ය. වර්ෂ 2008 ක්වූ බිනර මස 15 වන සදු දින ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී සෙනිත් මේනුල බංඩාර විජේකෝන් පුතු උපත ලැබීම නවරත්න සහ ජයනි ගේ ජීවිතය සැබැවින්ම ආලෝකවත් කිරීමකි.

 

 

<< ඉහලට

 
Bookmark and Share
Copyright © 2010 - 2017 Nawarathna Mihira Bandara Wijekoon. All Rights Reserved.