My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mrs. Prema Kathriarachchi,

United States of America

My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mr. R.M. Sudath Priyantha Bandara,

South Korea

Our Best Compliments to the "Sewasetha" Program ...!!!

Monaragala Pharmacy,

Main Street,
Monaragala

My Best Compliments to the "Deerghayu" Fund...!!!

Mr. A.M. Priyantha Kumara,

Warrior Tharanga Mawatha,
SOS Children Village Road,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. H.M. Wijerathna,

Kumarapura,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Samitha Wijayakoon,

Dehiwala,
Colombo

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Dhanushka Samarasekara,

DO Studio,
Monaragala

Our Best Compliments to the "Nena Pahana" Education Scholarship Programme ...!!!

Mr. R.M. Wishwanath Raveendra,

Siyambalanduwa Timber Mill,
Siyambalanduwa.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Regional Manager and All Branch Managers,

People's Bank,
Monaragala.

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. K.M. Dhanasiri Bandara,

20 Kade, Nakkala, Monaragala

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. R.A.D. Padmasiri,

Gayan Constructions,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

W. Sanjeewa Fernando,

R & S Engineering,
Nakkala,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

Mrs. Nayana N. Dasanayaka,

Area Engineer's Office,
Ceylon Electricity Board,
Diyathalawa.

My Best Compliments to the "Deerghayu" Fund ...!!!

Hon. Dr. Sumedha G. Jayasena

Deputy Minister Of Wild Life  
Member of Parliament - Monaragala District

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. R.M.D. Rathnayaka

Medical Superintendent
District General Hospital - Monaragala


My Best Compliments to the "Nena Pahana" Education Scholarship Programe ...!!!

Mr. R.S. Wickramage

Electrical Superintendent,

Ceylon Electricity Board,

Wellawaya.

My Best Compliments to the "Deerghayu" Fund

Hon. Padma Udaya Shantha Gunasekara

Member Of Parliment
Monaragala.

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Kotiyagala Chandananda Thero

Ven. Chief Of Uva, Binthenna and Batticolo Area

Purana Raja Maha Viharaya,
Viharamulla, Monaragala.


Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs.  Chandima Ranathunga

National Savings Bank
Kandy.

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Area Engineer and All Staff

Ceylon Electricity Board,
Monaragala.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Manager and The Staff

National Savings Bank,
Monaragala.

Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs. W.A. Karunawathi (Mrs. Siriwardhana)

Kolongolla,
Monaragala.

 

Our Best Compliments to the "Deerghayu" Fund

Old Students Association

Rajakeeya Vidyalaya,
Monaragala.

Our Best Compliments to the "Deerghayu" Fund

Hon.  Chairman & The Director Board

Co-Op Rural Bank - Monaragala

 

Our Best Compliments to the "Deerghayu" Fund

Government Service Welfare Society

Okkampitiya.

 

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

KandaUdapanguwe Sudamma Thero

Ven. Chief Of Uva Wellassa Area

Sri Dhakshinaramaya, Weliyaya,
Monaragala

 

About Foundation

බාගත කිරීම් Downloads

 

අද දින දැල්වෙන අමතර එක විදුලි පහනක් හෝ නිවා දමා, අපිත් විදුලිය සුරැකීමට දායක වෙමු. එය ඔබටත් රටටත් ඉතිරියකි.

 

Father of Hydro Power

Hon. D.J. Wimalasurendra

දශක ගණනාවක සිට දනන් තුඩ තුඩ රැඳුණු ආදරණීය ආමන්ත්‍රණයක් විය. ඒ "ජලය විදුලියට හැරවූ අරුම පුදුම මිනිසා " යන්නයි.

වැඩිදුර කියවන්න

"දීර්ඝායු" අරමුදලේ දසවන මූල්‍ය පරිත්‍යාගය ද ලබාදෙන ලදී.

වැඩිදුර කියවන්න...

"නැණ පහන" අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යථාර්තයක් බවට පත් කිරීමට අපට හැකිවිය.

වැඩිදුර කියවන්න


උණුසුම් පුවත්

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday366
mod_vvisit_counterYesterday1197
mod_vvisit_counterThis week1563
mod_vvisit_counterLast week7724
mod_vvisit_counterThis month13919
mod_vvisit_counterLast month31209
mod_vvisit_counterAll days1421124


ආචාර්ය සුමේධා ජී. ජයසේන මැතිණිය | ගරු ර.මු.පුංචිබණ්ඩාර මැතිතුමා | ගරු ආර්.එම්.ධර්මදාස බණ්ඩා මැතිතුමා | ගරු ආර්.එම්.ගුණසේකර මැතිතුමා


ගරු ආර්.එම්. ධර්මදාස බංඩා මැතිතුමා

1938 පෙබරවාරි මාසයේ 07 වන දා මැදගම් පත්තුවේ ආර්.එම්. කිරිබංඩා සහ ආර්.එම් රංමරණිකා දම්පතීන්ගේ කනිටු පුත්‍රයා හැටියට මෙළොව එළීය දුටු ආර්.එම්. ධර්මදාස බණ්ඩා දරුවාගේ ජීවිතය වෙනස් කරනු ලැබුවේ එවකට කොළඔ ආනන්ද විද්‍යලයේ ආචාර්ය පදවියක් ඉසිලූ මැදගම ශ්‍රී ආනන්දාරාමාධිපතිව පසු කාලයක වෙල්ලස්ස, බිම්තැන්න සහ නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක තනතුරින් බැබලුනු වෙල්ලස්සේ රජ්ජුරැවෝ යන උපහාරමත් විරුදාවලියෙන් හැම දෙනාම මහත් ගෙරවයෙන් අමතනු ලැබූ අපවත් වී වදාල පිටදෙණියේ ශ්‍රී රතනපාල අති පූජ්‍ය නායක හිමිපානන් වහන්සේ විසිනි.

එදා අසරණව තිබූ වෙල්ලස්ස ප්‍රදේශය ගොඩනැගීමට නම් මේ බිමේම දරුවන් දැන උගත්කමින් අභිෂේක ලබා උසස් තැන් දැරිය යුතු ආකාරය නිවැරදිව පැහැදිලිකොට ගෙන බිබිලේ කුඩා පාසල්වල එවකට ඉගෙනුම ලබමින් සිටි ආර්.එම්.ගුණසේකර , ආර්.එම්. ධර්මදාස බණ්ඩා දෙසොහොයුරන් ඇතුළු තවත් දරුවන් හත්අට දෙනෙකු පිටදෙනියේ නායක හාමුදුරුවන් විසින් කොළඔ හා වෙනත් ප්‍රදේශ වලට ගෙනගොස් උසස් පාසල් කිහිපයකට ඇතුලු කරවන ලද්දේය.

ධර්මදාස බණ්ඩා ශිෂ්‍යයාට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ සහ මරදාන සහීරා විද්‍යලයේ උසස් අධ්‍යපනය ලැබීමට වරම් ලැබුනේ ඒ අනුසාරයෙනි. පසු කාලයක සිය වැඩිමල් සොහොයුරා වු ආර්.එම්.ගුණසේකර මහතා මැදගම තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් රැකියා ලද අතර ධර්මදාස මහතා මැදගම මහා විද්‍යලයේ ඉංග්‍රිසි ගුරුවරයෙකු ලෙස පත්විය.

1817-18 උඩරට වෙල්ලස්ස කැරැල්ල යනුවෙන් ඉතිහාසයේ හදුන්වා දී ඇති, ඉංග්‍රිසි අධිරාජ්‍යයවාදීන්ට එරෙහිව වෙල්ලස්ස ප්‍රදේශය ප්‍රධාන කොටගත් සිංහලයේ දේශප්‍රේමී මහා සටන විවිධ හේතුන් නිසා පරාජයට පත්විය. එම පරාජයත් සමගම ඉංග්‍රිසිංගේ රුදුරු කෲර දහසක් පළි ගැනීම් වලට අවාසනාවන්ත ලෙස ලක්වීමට ඌව වෙල්ලස්සේ ප්‍රදේශවාසීන්ට සිදුවිය. වෙල් ලක්ෂයක් පැවති වෙල්ලස්ස කාන්තාරයක් බවට පත්කර වීමට ඉංග්‍රිසින් කෙත්වතු, වෙහෙර විහාර, හරකා බාන, වැව් අමුණු සියල්ලම විනාශයට පත්කර සියලු ගහකොල කපා දමා ස්ත්‍රීන් දුෂණය කරමින් තරුණවිය ඉක්මවු සියළු පිරිමින් තරුණයන් සමගම සමුල ඝාතනය කරමින් ගම්බිම් ගිනිතබා විනාශ කරමින් අති කෲර බිහිසුණු ප්‍රතිපත්තියක් ගෙනයනු ලැබීය.

1948 ලංකාවට නිදහස ප්‍රදානය වූ නමුත් එදා‍ ඓතිහාසික දේශප්‍රේමී සටනින් ලත් පරාජය හමුවේ බිහිසුණු පලිගැනීම් වලට ලක්ව සිටි වෙල්ලස්සේ ජනතාව තවදුරටත් දිගින් දිගටම ගතකරනු ලැබුවේ බියපත් අසරණ දිවි පෙවෙතකි. කොළඔ හා වෙනත් උසස් පාසල් අධ්‍යපනයෙන් දැනුම ලබා නිවැරදි දැක්මකින් පෝෂණය වී සිටි ගුණසේකර- ධර්මදාස අයියා මලෝ අති පූජ්‍ය පිටදෙනියේ නායක හාමුදුරුවන්ගේ උප‍දේශකත්වය අකුරටම ලබා තමන්ගේ මේ සහෝදර ප්‍රදේශවාසීන් අසරණ බයාදු කමින් මුදවාගෙන ඉදිරියට ගැනීමට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ඉදිරිපත් වූහ.

1960 මාර්තු මාසයේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයට බිබිල ආසනය සදහා තරග කොට ජය ලබා ගැනීමට ආර්.එම්.ගුණසේකර මැතිදුන්ට අවස්ථාව උදාවූයේ ඒ පරම අදහස ඵලදරා ගැනීමට ඉදිරිපත්ව ඉදිරියට පැමිණි නිසායි. එහෙත් අවාසනාවකට එතුමන් දේශපාලන කුමන්ත්‍රණයක අනිටු ප්‍රතිඵලයක් ලෙස 1964 සැප්තැම්බර් 15 වන දින දුර්ධාන්තයෙකුගේ කුරිරු වෙඩි පහරකට ලක්වී අභාවයට පත්විය. ඉන් පසුව එතුමාගේ 7 දවසේ දානමය පිංකමට සහභාගී වු හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක ඩඩ්ලි සේනායනක මැතිතුමාගෙන් ප්‍රදේශයේ තරුණයන් ‍ විසින් කළ ඉල්ලීමක් ඵල දරමින් ආර්.එම්.ගුණසේකර මහතාගේ ප්‍රතිපත්ති තව දුරටත් ඉදිරියට ගෙන යාමට ආර්.එම්. ධර්මදාස මැතිතුමා බිබිලේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක වරයා වශයෙන් ඉදිරිපත්වී අයියාගේ සොහොන ලග වැටෙන තුරු වෙල්ලස්සේ ජනතාවට සේවය කරමි යැයි පවසා පත්විය. තම ප්‍රතිවාදියා වූයේ ප්‍රබල දේශපාලන යෝධයකු බදු ධන කුවේරයකු වූ රොනී ද මෙල් මහතාය. ආර්.එම්. ධර්මදාස මහතා සිය ආදරණීය සොහොයුරාගේ අකල් මරණයෙන් පසුව පහළ ඌව විවිධ සේවා සමූපකාර සංගමයේ සභාපති වශයෙන්ද මැදගම ජනතාව නියෝජනය කරමින් මැදගම් පත්තු ගම් සභාවට පත්ව ගම් සභාවේ සභාපති වශයෙන්ද නිවැරදි ලෙසින් ක්‍රියාත්මක වෙමින් මහ ජනතාවගේ විවිධ ඕනෑ එපාකම් හදුනාගෙන ගැමි ශක්තිය මැනවින් උකහා ගැනීමෙන් ලත් දහසක් අත්දැකීම් මත ප්‍රදේශවාසීන් හා තරුණ පිරිස් වටකරගෙන එම යෝධ ධන කුවේරයා පරාජයට පත් කරමින් 1965 පාර්ලිමේන්තු මැතිවරනයේදී විශිෂ්ඨ අන්දමින් විජයග්‍රහණය ලැබු මන්ත්‍රීවරයා වශයෙන් පත් විය. ධර්මදාස බණ්ඩා මැතිතුමාගේ දේශපාලන ජීවිතය ආරම්භ වන්නේ එතැන් සිටය.

1971 නීති විද්‍යලයට ඇතුලත්වු ධර්මදාස බණ්ඩා මැතිතුමා නීති ‍වේදියෙකු වී වෙල්ලස්ස ප්‍රදේශයෙන් බිහිවු ප්‍රථම අධිනීතිඥවරයා යන අභිමානයටද ලක්විය. මෙතුමාගේ විවාහය සිදුවන්නේ 1971 වර්ෂයේ දීය. දෛවෝපගත ආකාරයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සිට පැමිණ රෝහල් සාත්තු සේවිකා සේවාවෙහි නියුක්තව සිටි ලීලානි පින්නවල මෙනෙවිය සමග මෙතුමන් අතිනත් ගත්තේ, තමන්ගේ ආදරණිය මෑණියන්ගේ ඉල්ලීමක් ඒ අයුරින්ම ඉටු කරවමිනි. අසනීපයෙන් ප්‍රතිකාර ගැනීම පිණිස රෝහලට ඇතුලත් කර සිටි රණ්මැණිකා මාතාව තමන්ට වෛද්‍ය ප්‍රතිකාර නිසි අයුරින් කරුණාවෙන් ඉටුකළ මේ නව යොවුන් තරුණිය ධර්මදාස පුතාට කදිමට ගැලපෙනු ඇතැයි නිසැකවම තේරුම් ගෙන ආයු කාලය ගෙවා තමන් මිය පරලොව ගියද අනාගත සහකාරිය ලෙස මෙම යුවතිය තෝරා ගන්න යැයි පැවසුවාය. තම ආදරණීය මෑණියන් කළ ඒ ඉල්ලීම ඉවත නොදමමින් ධර්මදාස බණ්ඩා මැතිතුමා ඇය හා විවාහ විය. සැබැවින්ම ධර්මදාස බණ්ඩා මැතිතුමාගේ සාර්ථක ජීවිතය පිටුපස නිබදවම සිටියේ ලීලානි පින්නවල මැතිණිය බැව් කිසිවෙකුට වුවද රහසක් නොවීය.

ධර්මදාස බණ්ඩා මැතිතුමා සාර්ථක මෙන්ම රස පොවන චරිතයකි. කිසි විටෙක අමනාපයක්, තරහක්, වෛරයක්, මුහුණින් පෙන්වුයේ නැත. තමන්ගේම වාහනයක් අතරමගදී බරපතල ලෙස අනතුරකට ලක් වුවද මෙතුමන් පළමුව අසන්නේ ''රියදුරුට, එහි ගමන්කළ අයට කොහොමද?" යනුවෙන්ය. අනතුර ගැන කිසිදු ‍වරදක් අසන්නේ කියන්නේ හෝ කලබල වන්නේ නැත. එමෙන්ම සිය දයාබර ඡන්ද දායකයින් සමග සාද වලදී, උත්සව වලදී, ගීත ගායනා කරමින් විනෝද වෙමින් සතුටු වීම මෙතුමන් ඉතා ප්‍රියකළ ආකාරය හරිම ආදර්ශමත්ය. ඇමතිවරයෙකු වශයෙන් සිටියදී පවා වරෙක උනවටුන මුහුදේ දිය නාමින් ප්‍රදේශවාසී හිතවතෙකුගේ ඇරවුමක් පිළිගෙන සතුටු වු ආකාරයත් ....තවත් වරෙක කුඩුම්බිගල ආරණ්‍යයේ දානමය පිංකමක් සදහා සහභාගී වී කටයුතු අවසන් කර ඉන් අනතුරුව තමා සමග ගමනට සහභාගී වූ හිතවතුන් පිරිස සමග විනෝදයෙන් ගතකළ ආකාරයත් මැතිවරණ කොට්ඨාශයේ සිය හිතවතුන්ගේ මංගල අවස්ථා නියෝජනය කරමින් ගීත ගයමින් සුහදත්වය ප්‍රදර්ශනය කළ ආකාරයත් විමසුන් ඇසින් බලනවිට අද සමහර විට තනතුරු නිසා බැබළෙමින් හිතවතුන් මගහරින බොහෝ දෙනාට බිබිලේ ධර්මදාස බණ්ඩා මැතිතුමාගේ ජීවන චරිතය කදිම ආදර්ශයක් වනු ඇත.

බිබිල මහජන මන්ත්‍රී, පේෂකර්මාන්ත අමාත්‍ය, උඩරට ගැමි පුනරුත්තාපන අමාත්‍ය, කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන අමාත්‍ය, අතිරේක වැවිලි බෝග කටයුතු අමාත්‍ය ආදී වශයෙන් විවිධ කෙෂ්ත්‍රවල විවිධ මහජන සේවාවන් රාශියක් ඉටුකල ආර්.එම්.ධර්මදාස බණ්ඩා මැතිතුමා පුරා වසර 04ක් රැහුණු කතරගම මහා‍ දේවාලයේ බස්නායක නිළමේ තනතුරද ඉසිලීය. 1986 කතරගම බස්නායක නිළමේ තනතුරට පත් වූ ධර්මදාස බණ්ඩා මැතිතුමා වාර්ෂික ඇසල මංගල්‍යයේ දෙසති මහා පෙරහැර වර්ණවත් කළේය. ප්‍රදේශයේ කලායතන රැසක් ප්‍රතිෂ්ඨාපනය කොට කතරගම පෙරහැර සදහා නැටුම් කණ්ඩායම් ලබා ගැනීම ක්‍රමවත්ව සංවර්ධනය කළේය. කොළඹ විවිධ ධානපතීන්, බැතිමතුන් දේවාලයට ගෙන්වා ඔවුන්ගේ දායකත්වයෙන් නවාංග රාශියක් පෙරහැරට එක්කොට කතරගම පෙරහැර ජනතාවගේ සිත්ඇද ගන්නා දේවාශිර්වාදය සපුරාලන අංග සම්පූර්ණ පෙරහැරක් බවට පත් කරනු ලැබීය. අහාවයට ගොස් තිබූ පෙරහැර ඉදිරියේම පෙරහැරට දේවාල දොරටුව අසලදී බාදා කරන රජ දවස ඉපැරණි ආදි වාසී (වැදි ) චාරිත්‍රය කතරගම මහා පෙරහැරට යලි එක් කරනු ලැබුවේ ධර්මදාස බණ්ඩා මැතිතුමාය. එදා අදුරින් පිරි කතරගම දේවාල භූමිය සම්පුර්ණයෙන්ම වර්ණවත්ව ආලෝකමත් කර ජනමාධ්‍ය හා කතරගම පෙරහැර සමීපව සම්බන්ධ කරමින් අතිවිශාල බැතිමත් ජනතාවක් පෙරහැර සමයේ කතරගමට ඇදී එන ලෙස කටයුතු කරමින් ඉතා වැදගත් වැඩ කොටසක් සාර්ථකව එතුමන් විසින් ඉටු කරනු ලැබීය.

අසාර්ථකවු උඩරට 1817-18 මහා සටනින් පසුව දහසකුත් එකක් රැදුරු පළිගැනීම් වලට ලක්ව හෙම්බත්ව බියෙන් ඇළලී සිටි ජනතාවක් යලි ඉදිරියට නොබියව ප්‍රවිෂ්ට කරවීමට ධර්මදාස බණ්ඩා ඇමතිතුමන් නොගත් උත්සාහයක් නැත. වෙල්ලස්සේ පැරණි ශ්‍රී විභූතිය යලිත් වරක් ප්‍රතිෂ්ඨාපනය කරවීම උදෙසා එදා වෙල්ලස්සේ මහා සටනේ නායකත්වයට උරදුන් කොහුකුඹුරේ රටේ රාළ, බූටාවේ රටේ රාළ, බදුල්ලගම්මන රටේ රාළ, බකිණිගහවෙල රටේ රාළ යන වීරවරයන් සමග කැප්පෙටිපොළ මහා සෙනෙවිතුමාගේ රණවික්‍රමේ උදාරත්වය දක්වමින් වෙල්ලස්සට උරුම වු වෙල්ලස්සේ රණ හඩ අනාගත පරම්පරාවල දෙසවන හා ගැටෙන ආකාරයෙන්

"වෙල්ලස්සේ රණ දෙරණේ......වීර විජය ධජ සෙවනේ .........

ගං වළල්ල හතර වටේ .......කදුකැරැල්ල අතර නැටේ ........"

නමින් යුතු හදවත් පිනවන මා හැගි ගිතයක් නිර්මාණය වුයේ මෙතුමන් නිසාය.

‍පේෂ කර්මාන්ත නියෝඡ්‍ය ඇමති ධුරය දරමින් සිටියදි තරුණ පිරිසට මග පෙන්වමින් "වෙල්ලස්ස සහ‍යෝගිතා පදනම" යනුවෙන් නව සංවිධානයක් යටතේ සැම වර්ෂයකම කැප්පෙටිපොළ අනුස්මරණ දිනය යෙදෙන නොවැමිබර් මස 26 දා වෙල්ලස්සේ රණවිරුවන්ගේ අභිමානය දක්වන උත්සවයක් පැවැත්විමෙන් අනාගත පරපුරට නිවරදි මග පෙන්විමක් ගෙනහැර දක්වනු ලැබිය.

වෙල්ලස්සේ ධඡය නිර්මාණය කරමින් එහි පිටපත් දහසක් මුද්‍රණය කොට වෙල්ලස්ස සමස්ථ ප්‍රදේශය ආවරණය වන ආකාරයට මොණරාගල දිස්ත්‍රීක්කයේ සැම රඡයේ කාර්යාලයකටම, සැම පාසලකටම, රෝහල් ප්‍රාදේශිය සභා, ගමනා ගමන මණ්ඩලයේ බස් ඩිපෝ, තැපැල් කාර්යාල අදි සියලු ස්ථාන වලට බෙදා හැරිමටද කටයුතූ කළේය. වෙල්ලස්සේ උදාරත්වය මෙලෙස ගෙනහැර දක්වමින් වෙල්ලස්සේ ඡනතාවගේ අභිමානය සුරැකිමට ඔවුන් පෙරමගට ගැනිමට අමාත්‍ය අර්.එම්. ධර්මදාස බණ්ඩා මැතිතූමන් වෙල්ලස්සේ ගිතය සහ වෙල්ලස්සේ ධඡය සෑම රාඡ්‍ය උත්සවයකදිම නිසි ලෙස භාවිතා කරන මෙන් ආයතන ප්‍රධානින්ගෙන් ඉල්ලිමක්ද කරන ලදි.

1965 සිට 2010 දක්වා හරියටම 45 වසරක් මහජනතාවටම සමීපව මහජන සේවා කරමින් දේශපාලන ක්ෂේත්‍රයේ වැදගත් අමාත්‍යධුර දරමින් වෙල්ලස්සේ, මොණරාගල දිස්ත්‍රික්කයේ අභිවෘද්ධිය උදෙසා අතහිත දෙමින් කටයුතු කල අර්.එම්. ධර්මදාස බණ්ඩා මැතිතූමා අතිශයින්ම ආදර්ශමත් නිහතමානී චරිතයක් බව අමුතුවෙන් පෙන්වාදීමට අවශ්‍ය නැත. අවුරුදු 45ක් වෙල්ලස්සේ නායකයා ලෙස කාගේත් ගරු සත්කාර ලබමින් දේශපාලන ව්‍යුහයේ බැබලුනද, එතුමන් තමන්ගේ නම කිසිදු ගොඩනැගිල්ලකට, පාරකට, පාලමකට හෝ ක්‍රීඩාපිටියකට තැබීමට කටයුතු කලේ නැත. වෙල්ලස්සේ නවෝදය උදෙසා මුලු ජීවිත කාලයම අති උදාරවත් ලෙස අතිමහත් වීර්ය සම්පන්නව, එඩිතරව, නිර්භයව පෙරමගට පැමිණ මහත් කාර්යභාරයක් ඉටුකලාවු අමාත්‍ය අර්.එම්. ධර්මදාස බණ්ඩා මැතිතූමා වෙනුවෙන්, එතුමන්ගේ ඒ වීර්යවන්ත භාවය සුපරික්ෂාකාරීත්වය සහ සැලසුම්ගත නිවැරදි ක්‍රියාන්විතය නිසා අද පිටකොන්ද ඍජුව තබාගෙන ශ්‍රී ලංකා ධරණීතලයේ ඕනෑම ස්ථානයකට ගොස් හරියාකාරව වැඩක් කරගතහැකි නිවැරදිව හැසිරිය හැකි අභීතව කතා කළ හැකි වෙල්ලස්සේ අප සියලු දෙනාම එතුමාට කෘතගුණ දැක්විය යුතුවේ.

ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමා එදා මහපොළ සංකල්පය ගමට ගෙන යමින් මහපොළ ප්‍රදර්ශනයක් බබිලේ ආසනයටද ගෙන ආවේය. ඒ දසවෙනි මහපොළයි. පවත්වන ලද්දේ මැදගම මහා විද්‍යලේදීය. "සත් දවසක් එක විලසින" යන සමරු ප්‍රකාශනයක් සමග එකදිගට දවස් 07ක් පුරා අංග සම්පුර්ණ සංගීත ප්‍රසංග 07ක් සමග මේ මහ පොළ ප්‍රදර්ශන සැණකෙලිය ඉතාමත් සාර්ථකව පවත්වන ලදි. එදා ප්‍රදර්ශනය විවෘත කිරීමේ අසිරිමත් අවස්ථාව මැදගමට පැමිණි එවකට වෙළද හා වාණිජ කටයුතු අමාත්‍යවරයා වු මහපොළ නිර්මාතෘ ලලිත් ඇතුලත් මුදලි මැතිතුමාට මහපොළ ශිෂ්‍යත්වය පිළිබදව මුලින්ම අදහස ඉදිරිපත්කරන ලද්දේ මෙම දසවෙනි මහපොළ අවස්ථාවේදී අමාත්‍ය අර්.එම්. ධර්මදාස බණ්ඩා මැතිතූමා විසින්ය. දෙදෙනාම නීතිඥයන් වු බැවිනුත් කළක් ඇතුලත් මුදලි මැතිතුමාගේ නීති සගයෙකු ලෙස ගුරුහරුකම් ලබමින් ධර්මදාස බණ්ඩා මැතිතූමා කටයුතුකොට ඇති බැවිනුත් මෙම අමාත්‍යවරැන් දෙදෙනා අතර දැඩි සමීපත්වයක් පැවතිනි.මේ සමීප සම්බන්ධකම ඔස්සේ ධර්මදාස බණ්ඩා මැතිතූමා මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමයක් රටේ ඉගෙන ගන්නා සිසුන් වෙනුවෙන් අරඹන්න යනුවෙන් කළ ඉල්ලීම කොළඹ අමාත්‍යංශයට ගොස් ලලිත් ඇතුලත් මුදලි ඇමතිතුමා තවදුරටත් විමර්ශනය කර සකස් කර වැඩිකාලයක් යාමට පෙරම විශ්ව විද්‍යලවලට ඇතුලත්වන ආර්ථික අතින් අගහිගකම් වලට ලක්වන සිසුන් හා උපරිම දස්කම් දක්වා ඇති සිසුන් වෙනුවෙන් "මහපොළ ශිෂ්‍යත්ව ආධාර ක්‍රමය " ආරම්භ කරනු ලැබීය. එහි මුල් බීජය මැදගම දසවන මහපොළ අවස්ථාවේ ි යොදනු ලැබුවේ අභාවප්‍රාප්ත වෙල්ලස්සේ නායක අමාත්‍ය අර්.එම්. ධර්මදාස බණ්ඩා මැතිතූමන් විසින්ය.

ඔක්තෝම්බර් 23 වන දින ගෞරවයෙන් සිහිපත් කරනු ලබන ආර්.එම්. ධර්මදාස බංඩා හිටපු අමාත්‍ය තුමන්ට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

තොරතුරු සැපයීම :- මැදගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පියදාස වීරකෝන් මහතා විසිනි.

පරිඝණක සැකසුම:- නවරත්න එම්.බී. විජේකෝන් විසිනි

 
Bookmark and Share
Copyright © 2010 - 2017 Nawarathna Mihira Bandara Wijekoon. All Rights Reserved.