My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mrs. Prema Kathriarachchi,

United States of America

My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mr. R.M. Sudath Priyantha Bandara,

South Korea

Our Best Compliments to the "Sewasetha" Program ...!!!

Monaragala Pharmacy,

Main Street,
Monaragala

My Best Compliments to the "Deerghayu" Fund...!!!

Mr. A.M. Priyantha Kumara,

Warrior Tharanga Mawatha,
SOS Children Village Road,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. H.M. Wijerathna,

Kumarapura,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Samitha Wijayakoon,

Dehiwala,
Colombo

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Dhanushka Samarasekara,

DO Studio,
Monaragala

Our Best Compliments to the "Nena Pahana" Education Scholarship Programme ...!!!

Mr. R.M. Wishwanath Raveendra,

Siyambalanduwa Timber Mill,
Siyambalanduwa.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Regional Manager and All Branch Managers,

People's Bank,
Monaragala.

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. K.M. Dhanasiri Bandara,

20 Kade, Nakkala, Monaragala

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. R.A.D. Padmasiri,

Gayan Constructions,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

W. Sanjeewa Fernando,

R & S Engineering,
Nakkala,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

Mrs. Nayana N. Dasanayaka,

Area Engineer's Office,
Ceylon Electricity Board,
Diyathalawa.

My Best Compliments to the "Deerghayu" Fund ...!!!

Hon. Dr. Sumedha G. Jayasena

Deputy Minister Of Wild Life  
Member of Parliament - Monaragala District

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. R.M.D. Rathnayaka

Medical Superintendent
District General Hospital - Monaragala


My Best Compliments to the "Nena Pahana" Education Scholarship Programe ...!!!

Mr. R.S. Wickramage

Electrical Superintendent,

Ceylon Electricity Board,

Wellawaya.

My Best Compliments to the "Deerghayu" Fund

Hon. Padma Udaya Shantha Gunasekara

Member Of Parliment
Monaragala.

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Kotiyagala Chandananda Thero

Ven. Chief Of Uva, Binthenna and Batticolo Area

Purana Raja Maha Viharaya,
Viharamulla, Monaragala.


Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs.  Chandima Ranathunga

National Savings Bank
Kandy.

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Area Engineer and All Staff

Ceylon Electricity Board,
Monaragala.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Manager and The Staff

National Savings Bank,
Monaragala.

Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs. W.A. Karunawathi (Mrs. Siriwardhana)

Kolongolla,
Monaragala.

 

Our Best Compliments to the "Deerghayu" Fund

Old Students Association

Rajakeeya Vidyalaya,
Monaragala.

Our Best Compliments to the "Deerghayu" Fund

Hon.  Chairman & The Director Board

Co-Op Rural Bank - Monaragala

 

Our Best Compliments to the "Deerghayu" Fund

Government Service Welfare Society

Okkampitiya.

 

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

KandaUdapanguwe Sudamma Thero

Ven. Chief Of Uva Wellassa Area

Sri Dhakshinaramaya, Weliyaya,
Monaragala

 

About Foundation

බාගත කිරීම් Downloads

 

අද දින දැල්වෙන අමතර එක විදුලි පහනක් හෝ නිවා දමා, අපිත් විදුලිය සුරැකීමට දායක වෙමු. එය ඔබටත් රටටත් ඉතිරියකි.

 

Father of Hydro Power

Hon. D.J. Wimalasurendra

දශක ගණනාවක සිට දනන් තුඩ තුඩ රැඳුණු ආදරණීය ආමන්ත්‍රණයක් විය. ඒ "ජලය විදුලියට හැරවූ අරුම පුදුම මිනිසා " යන්නයි.

වැඩිදුර කියවන්න

"දීර්ඝායු" අරමුදලේ දසවන මූල්‍ය පරිත්‍යාගය ද ලබාදෙන ලදී.

වැඩිදුර කියවන්න...

"නැණ පහන" අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යථාර්තයක් බවට පත් කිරීමට අපට හැකිවිය.

වැඩිදුර කියවන්න


උණුසුම් පුවත්

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday369
mod_vvisit_counterYesterday1197
mod_vvisit_counterThis week1566
mod_vvisit_counterLast week7724
mod_vvisit_counterThis month13922
mod_vvisit_counterLast month31209
mod_vvisit_counterAll days1421127


ආචාර්ය සුමේධා ජී. ජයසේන මැතිණිය | ගරු ර.මු.පුංචිබණ්ඩාර මැතිතුමා | ගරු ආර්.එම්.ධර්මදාස බණ්ඩා මැතිතුමා | ගරු ආර්.එම්.ගුණසේකර මැතිතුමා


බිබිලේ ආර්. එම්. ගුණසේකර මැතිතුමා

අද මෙන් නොව මීට දශක කිහිපයකට පෙර බිබිලේ මුළු ප්‍රදේශයම දොඩම් වගාවෙන් වැසී පැවැතුණි. පැණි බේරෙන රස දොඩමින් බිබිලේ ගමින් ගම, ඉඩමෙන් ඉඩම සශ්‍රීකව වැසී තිබිණ. ඒ මහා දොඩම් වගාව ටිකෙන් ටික විනාශ වෙමින් පවතින වකවානුවක, දොඩම් වගාව ආරක්ෂා කර ගැනීමේ සැබෑ ඕනෑකමක් තිබුණු බිබිලේ මැදගම ආර්.එම්. ගුණසේකර මහතා පාර්ලිමේන්තුවට පත්වී බිබිලේ දොඩම් වගාව රැකගන්නට උදව් දෙන්නැයි හඬගා ප්‍රකාශ කළේය. වෙනත් වගාවන් වාගේම බිබිලේ දොඩම් වගාවට ද සහනාධාර ලබා දී ගොවියා දොඩම් වගාව කෙරෙහි උනන්දු කර විනාශ වී යන බිබිලේ දොඩම් වගාව ආරක්ෂා කර දෙන්නැයි දිගින් දිගටම ආයාචනා කළේය. කාලයක් ගත වී දැන් බිබිලේ දොඩම් වගාව සම්පූර්ණයෙන් වාගේ විනාශ වී ගොස් ඇත. බිබිලේ දොඩම් රැක ගැනීමට, බිබිලේ දොඩම් ගොවියා ආරක්ෂා කර දීමට, දොඩම් වගා කල බිබිලේ ගොවියා වෙනුවෙන් කෙටි කාලයක් නමුදු පාර්ලිමේන්තුවේ නැඟී සිටිමින් මහා පෙරලියක් කල ආර්.එම්. ගුණසේකර මැතිතුමා පිළිබඳ ව අදත් පොදු ජනතාවගේ මතකයේ රැව් පිළිරුව් දෙයි.

මැදගම තැපැල් මහත්තයා යන ආදරණීය නාමයෙන් හිතවතුන් හඳුන්වන ආර්.එම්. ගුණසේකර මැතිතුමා වෙල්ලස්‍සේ ප්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ප්‍රථමයා වන්නේය. එඩිතර සෘජු අදහස් එක එල්ලේම බිය සැක නැතිව පල කරන ආර්.එම්. ගුණසේකර මැතිතුමා වෙල්ලස්සේ බිහි වූ ශ්‍රේෂ්ඨතම පොදු ජනතා නායකයකු ලෙස සැලකේ.

1931 රාජමන්ත්‍රණ සභාව සඳහා වියළුව, බින්තැන්න හා වෙල්ලස්සේ කොටසකින් සමන්විත වූ මැතිවරණ කොට්ඨාශය බිබිල යනුවෙන් නම් කර තිබුණි. 1946 දක්වාම පැවතුණේ එලෙසය. 1946 වසරේදී මෙම ආසනය අළුත්නුවර සහ බුත්තල වශයෙන් දෙකඩ විය. පැරණි බිබිල ආසනයෙන් වැඩි කොටසක් අයිති වූයේ බුත්තලටය. මැතිවරණ කොට්ඨාශයෙන් බිබිල යන නම මැකී යාම ගුණසේකර තරුණයාට පෙනුනේ තම උපන් ගමට කරන ලද මහ ආසාධාරණ ක්‍රියාවක් පරිද්දෙනි. මේ මැතිවරණ කොට්ඨාශයට බිබිල යන නම යොදා යළ ආසනය ලබා ගැනීම සඳහා ආර්.එම්. ගුණසේකර මහතා උද්යෝගිමත් ලෙස වෙහෙස විය. මේ අනූව මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කොමිසම හමුවේ 1956 වර්ෂයේදී කරුණු ඉදිරිපත් කර යළිත් බිබිල, මොණරාගල හා මහියංගණය යන නම් වලින් ප්‍රදේශයට ආසන ලබා ගැනීමට ආර්.එම්. ගුණසේකර මහතා සාර්ථක ලෙස දායක විය.

ආර්.එම්. ගුණසේකර මැතිතුමා තමාගේ උපන් බිමට සදා ආදරය කල පොදු ජන හිතකාමී උදාර පුරවැසියකු විය.

මැදගම පිටදෙණියේ ආර්.එම්. කිරිබන්ඩා ආරච්චි මහතාගේත්, මැදගම ඉලුක්කුඹුර ගමේ ජේ.එම්. රංමැණිකා උපාසිකා මාතාවගේත් දරුවකු ලෙස ආර්.එම්. ගුණසේකර ළදරුවා මෙලොවට බිහිවූයේ 1922 නොවැම්බර් 17 වෙනිදාය. කින්නරබෝව පුරාණ විහාරය හා බිබිලේ බෝධිරුක්ඛාරාමය යන විහාර අධිපති පූජ්‍ය කින්නරබෝව සුමනතිස්ස නායක හිමියන් වෙතින් අකුරු කර වූ ගුණසේකර ශිෂ්‍යයා මුලින්ම මැදගම ආණ්ඩුවේ රජ‍යේ මිශ්‍ර පාසලට (වත්මන් මැදගම ජාතික පාසල) ඇතුලත් විය. වසර කිහිපයකට පසුව එවකට කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ බෞද්ධ ධර්මය පිලිබඳ ආචාර්යවරයාව සිට පිටදෙණියේ ශ්‍රී රතනපාල හිමිපාණන්ගේ මඟ පෙන්වීම යටතේ උසස් විදුහල්වල අධ්‍යාපනය හැදෑරීමේ වාසනාව ආර්.එම්. ගුණසේකර දරුවාට උදා විය. ඉංග්‍රීසි අධ්‍යාපනය මෙසේ සාර්ථක ලෙස හැදැරූ ගුණසේකර තරුණයා තම පියාගේ වියෝවෙන් පසුව පිටදෙණිය වසමේ ආරච්චි පදවියට පත්විය. පසුව 1943 ජූලි 09 වෙනිදා බුත්තල කේ.ඇම්. අමරාවතී කුලකුමරිය හා විවාහ බන්දනයට එළඹිණි. තවත් අවුරුදු දෙකකින් එනම් 1945 දී මැදගම උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති ධූරයට පත්ව 1960 පාර්ලිමේන්තුවට තේරී පත්වන තෙක්ම එම රැකියාවෙහි නිරත විය.

මේ කාලය තුළ මැදගම ශ්‍රී ආනන්ද්‍රාරාමාධිපතිව වැඩවිසූ, තමන් හට පාසල් වල අසස් අධ්‍යාපනය ලැබීමට මංපෙත් හෙළි කළ, පිටදෙණියේ ශ්‍රී රතනපාල නාහිමියන් සමාජ මෙහෙවර හා එක් වූ ආර්.එම්. ගුණසේකර තරුණයාට ඒ ඔස්සේ වරින්වර ලංකාවේ දේශපාලන නායකයින් වූ මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන ආදී ජනවිරුවන් ඇසුරු කිරීමේ භාග්‍යය උදා විය. බිබිල හා මැදගම ප්‍රදේශය මෙන්ම පහළ ඌව ලෙස එදා සැලකුව වෙල්ලස්ස ප්‍රදේශය පුරා විහිදුවන ලද පොදු ජන සේවාවන් රාශියක් සාර්ථක ලෙස දියත් කරවීමට ආර්.එම්. ගුණසේකර මහතාට අවස්ථාව ලැබීමෙන් ලබාගත් පන්නරයේ මහඟු ප්‍රතිඵලය වූයේ 1960 මහා මැතිවරණයට තරඟ කිරීම සඳහා බිබිලේ ආසනයට ආර්.එම්. ගුණසේකර මහතා සුදුස්සතු බවට එක්සත් ජනතා පක්ෂය තීරණය කිරීමය. ප්‍රතිවාදීන් කිහිපදෙනෙකුම පරාජය කරමින් 1960 මාර්තු මාසයේ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට ගුණසේකර මහතා සමත් විය.

සමූපකාර ව්‍යාපාරයේ පතාක යෝධයකු බඳු ආර්.එම්. ගුණසේකර මහතා ඌව පළාතේ පොදු ජනතාවට මෙමගින් අනඟි සේවාවක් සැලසීමට උදාර සේවාවක් ඉටු කල නායකයෙකි. සමුපකාර ක්‍රමයේ නිවැරදි තේමාව ජනතාව අතරට පත් කරමින් " එකා සැමටත් සෑම එකාටත්" යන්නට සුපිරිසිඳු අර්තවත් ඵලයක් ලබාදීමට හෙතෙම උත්සුක විය. ආර්.එම්. ගුණසේකර මහතා බදුල්ලේ පළාත් සමූපකාර බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ලෙස ද, සමස්ථ ලංකා සමූපකාර මහා සංගමයේ පහළ ඌව අධ්‍යක්ෂකවරයකු වශයෙන් ද, පහළ ඌව විවිධ සේවා සමුපකාර සමිති සංගමයේ සභාපති වශයෙන් ද, පහළ ඌව සමූපකාර දිසා සංගමයේ සභාපති වශයෙන් ද ඉතා අගනා ප්‍රශස්ත සේවාවක් ඉටු කර තිබේ. බිබිලේ පළාත් බැංකුව (වර්තමාන බිබිල මහජන බැංකු ශාඛාව) ආරම්භ කිරීමේ ගෞරවය ද එතුමාට හිමි වෙයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ සියළු කටයුතු ද බදුල්ල කච්චේරියෙන් සිදු කෙරුනු අවස්ථාවක ඒ බව බළධාරීන්ට පෙන්නා දෙමින් වැල්ලවාය, සියඹලාණ්ඩුව, කතරගම ආදී ඈත දුෂ්කර ගැමි ප්‍රදේශ වල ජනතාව විදින දුෂ්කරතාවයන්ට වගකිව යුත්තන් හමුවේ කරුණු දක්වා මොණරාගල දිස්ත්‍රික්කය සඳහා වෙනමම කච්චේරියක් ලබා ගැනීමේ ගෞරවයද ආර්.එම්. ගුණසේකර මැතිතුමාට හිමි වෙයි. ඉතා අනුහස් දක්වන අති පෞරාණික පූජනීය දේවාලයක් මැදගම කොටබෝවේ පිහිටියේය. එය කොටබෝව කුඩා කතරගම දේවාලය ලෙස හැදින්වෙයි. මේ පූජනීය ස්ථානයේ ගෞරවාන්විත භාවය තේරුම් ගෙන ප්‍රදේශය කළ එළියට පත් කර සුදුසු පරිදි බැතිමතුන්ගේ පූජෝපහාර වලට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේද ආර්.එම්. ගුණසේකර මැතිතුමා ය.

ග්‍රාම සංවර්ධන ව්‍යාපාරය කෙරෙහි ඉමහත් උද්යෝගයක් දැන් වූ ගුණසේකර මහතා එමඟින් ප්‍රදේශයේ පොදු ජනතා අවශ්‍යතා රාශියක්ම ඉටුකර දීමට කැපවීමෙන් යුක්තව කටයුතු කර ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයක දී පරාජයට පත් වීමෙන් පසුව ද ජනතාවට සේවය කිරිම අත් නොහැරීම සඳහා එවකට ගම් සභා ක්‍රමය හා සම්බන්ධ වූ ගුණසේකර මහතා 1964 සැප්තැම්බර් මස 15 වැනිදා සාහසිකයෙකුගේ වෙඩි පහරකින් මිය යන අවස්ථාව දක්වාම මැදගම ගම් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

ගමේ අහිංසක දුප්පතාගේ අසහාය මිත්‍රයකු බඳු ආර්.එම්. ගුණසේකර මැතිතුමා නිරන්තරයෙන්ම නැති බැරි අසරණයින්ට උපකාරී වීම පිණිසම තමන්ගේ පෞද්ගලික ජීවිතය ද සකසා ගත් ශ්‍රේෂ්ඨ ජන නායකයෙකි. ඔහු හමුවට එන හැම දෙනාටම බත බුලතින් සංග්‍රහ කිරීම ඔහුගේ චරිතයෙන් මතුවී පෙනෙන අනගිතම ලක්ෂණයකි. අහිංසක ගැමියෙකු යමක් ඉල්ලා සිටි විට ඔහු ළඟ මිල මුදල් නොතිබූ සමහර අවස්ථාවක අතබැඳි ඔරලෝසුව ගලවා "උකස් තියා මුදල් ගන්නැයි" කියා පරිත්‍යාග කොට තිබේ.

කිසිඳු අවස්ථාවක කිසිවකුගේ හිත් නොරිද වූ ආර්.එම්. ගුණසේකර මැතිතුමා වචන දෙකක් නැති සෟජු එඩිතර අදහස් ව්‍යක්ත ලෙස දැක් වූ නායකයෙකි. බිබිලේ මැදගම ආර්.එම්. ගුණසේකර මැතිතුමාගේ අකල් වියෝවින් පසුව එතුමන්ට උපහාර පිණිස වාර්ෂිකව පවත්වා ගෙන එන ගුණ සමරු උළෙල සෑම වසරකම සැප්තැම්බර් 15 වෙනි දින මැදගම ප්‍රාදේශීය සභාව අභියස ගුණසේකර ප්‍රතිමාවට උපහාර දැක්වීමෙන් ආරම්භ වෙයි. එම උත්සවය ගුණසේකර මහතාගේ ජේෂ්ඨ පුත්‍ර මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආර්.එම්. රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේ සහ කෘතගුණවේදී ප්‍රදේශවාසී ජනතාවගේත් සහභාගීත්වයෙන් ගුණසේකර ගුණානුස්මරණ කමිටුවේ සංවිධානයෙන් පවත්වනු ලැබේ.

වෙල්ලස්සේ වීර හදවත යන නාමයෙන් හඳුන්වපු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මැදගම ගම් සභාවේ හිටපු සභාපති දිවංගත ආර්.එම්. ගුණසේකර මැතිඳුන් හට නිවන් සුව පතමු.

ජනතා පුතුන් වෙඩි පහරට ලය දුන්න

මැති සඳු යළිත් ඔබ මැදගම උප දින්න

තොරතුරු සැපයීම :- ආර්.එම්. ගුණසේකර ගුණානුස්මරණ කමිටුවේ සභාපති සහ මැදගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පියදාස වීරකෝන් මහතා විසිනි.

පරිඝණක සැකසුම :- බදුල්ලේ උෂාණි ලක්ෂිකා මෙනෙවිය විසිනි.

 
Bookmark and Share
Copyright © 2010 - 2017 Nawarathna Mihira Bandara Wijekoon. All Rights Reserved.