My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mrs. Prema Kathriarachchi,

United States of America

My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mr. R.M. Sudath Priyantha Bandara,

South Korea

Our Best Compliments to the "Sewasetha" Program ...!!!

Monaragala Pharmacy,

Main Street,
Monaragala

My Best Compliments to the "Deerghayu" Fund...!!!

Mr. A.M. Priyantha Kumara,

Warrior Tharanga Mawatha,
SOS Children Village Road,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. H.M. Wijerathna,

Kumarapura,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Samitha Wijayakoon,

Dehiwala,
Colombo

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Dhanushka Samarasekara,

DO Studio,
Monaragala

Our Best Compliments to the "Nena Pahana" Education Scholarship Programme ...!!!

Mr. R.M. Wishwanath Raveendra,

Siyambalanduwa Timber Mill,
Siyambalanduwa.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Regional Manager and All Branch Managers,

People's Bank,
Monaragala.

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. K.M. Dhanasiri Bandara,

20 Kade, Nakkala, Monaragala

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. R.A.D. Padmasiri,

Gayan Constructions,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

W. Sanjeewa Fernando,

R & S Engineering,
Nakkala,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

Mrs. Nayana N. Dasanayaka,

Area Engineer's Office,
Ceylon Electricity Board,
Diyathalawa.

My Best Compliments to the "Deerghayu" Fund ...!!!

Hon. Dr. Sumedha G. Jayasena

Deputy Minister Of Wild Life  
Member of Parliament - Monaragala District

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. R.M.D. Rathnayaka

Medical Superintendent
District General Hospital - Monaragala


My Best Compliments to the "Nena Pahana" Education Scholarship Programe ...!!!

Mr. R.S. Wickramage

Electrical Superintendent,

Ceylon Electricity Board,

Wellawaya.

My Best Compliments to the "Deerghayu" Fund

Hon. Padma Udaya Shantha Gunasekara

Member Of Parliment
Monaragala.

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Kotiyagala Chandananda Thero

Ven. Chief Of Uva, Binthenna and Batticolo Area

Purana Raja Maha Viharaya,
Viharamulla, Monaragala.


Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs.  Chandima Ranathunga

National Savings Bank
Kandy.

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Area Engineer and All Staff

Ceylon Electricity Board,
Monaragala.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Manager and The Staff

National Savings Bank,
Monaragala.

Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs. W.A. Karunawathi (Mrs. Siriwardhana)

Kolongolla,
Monaragala.

 

Our Best Compliments to the "Deerghayu" Fund

Old Students Association

Rajakeeya Vidyalaya,
Monaragala.

Our Best Compliments to the "Deerghayu" Fund

Hon.  Chairman & The Director Board

Co-Op Rural Bank - Monaragala

 

Our Best Compliments to the "Deerghayu" Fund

Government Service Welfare Society

Okkampitiya.

 

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

KandaUdapanguwe Sudamma Thero

Ven. Chief Of Uva Wellassa Area

Sri Dhakshinaramaya, Weliyaya,
Monaragala

 

About Foundation

බාගත කිරීම් Downloads

 

අද දින දැල්වෙන අමතර එක විදුලි පහනක් හෝ නිවා දමා, අපිත් විදුලිය සුරැකීමට දායක වෙමු. එය ඔබටත් රටටත් ඉතිරියකි.

 

Father of Hydro Power

Hon. D.J. Wimalasurendra

දශක ගණනාවක සිට දනන් තුඩ තුඩ රැඳුණු ආදරණීය ආමන්ත්‍රණයක් විය. ඒ "ජලය විදුලියට හැරවූ අරුම පුදුම මිනිසා " යන්නයි.

වැඩිදුර කියවන්න

"දීර්ඝායු" අරමුදලේ දසවන මූල්‍ය පරිත්‍යාගය ද ලබාදෙන ලදී.

වැඩිදුර කියවන්න...

"නැණ පහන" අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යථාර්තයක් බවට පත් කිරීමට අපට හැකිවිය.

වැඩිදුර කියවන්න


උණුසුම් පුවත්

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday347
mod_vvisit_counterYesterday1197
mod_vvisit_counterThis week1544
mod_vvisit_counterLast week7724
mod_vvisit_counterThis month13900
mod_vvisit_counterLast month31209
mod_vvisit_counterAll days1421105


මයුරගිරි කන්දේ විහාරය

සීත කදු ශිකරයන් මධ්‍යයේ පිහිටි මයුරගිරි කන්දේ විහාරය මොනරාගලට මහත් ප්‍රෞඩත්වයක් ඇති  කරයි.   වෙල්ලස්සේ ශේෂ වූ කදු වැටි අතර මොනරාගල  කදුවැටියට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

මොනරාගල නගරාසන්නයෙන් ඇර‍ෙඹන මේ කදුවැටිය 17 kmක් පමණ උතුරු දෙසට විහිදී යමින් මුළු ප්‍රදේශයටම ප්‍රෞඩත්වයක් හා දීර්ඝ යටගියාවක් හෙලි කරනු ලබයි. මෙම කන්ද වටා තවත් කදු වැටි රාශියක් බැදී ඇත. ඒවා සීතා කන්ද, මරගල කන්ද, ගලබැද්ද කන්ද , හබරන්තාගල කන්ද ආදී විවිධ නම් වලින් හැදින් වුවද  භූගෝලිය සාධක අනුව නම් මෙය ඒකම කදුවැටියක් සේ සලකයි.

පුරාණයේදී ඒක් ඒක් රජවරුන් හට මෙම කදුවැටිය තුළින් නොමද රැකවරණයක් ලැබී තිබූ බව ජනශැතිය තුළින් හෙලිවේ. එසේම මහපොළ රාවණයන් පරදෙසින් එන සතුරන් පිළිබදව තොරතුරු දැන ගැනීමේ මුරපොළ ලෙසටද මේ කදු වැටියේ උස්වූ ගල් පරය භාවිතා කල බවද කියවේ. කදු ශිඛරය මත වූ තැනිතලා බිමක රමණීය  පරිසරයක මෙම විහාරය පිහිටා ඇත. අතීතයේ රහතුන් වහන්සේලාගේ පාදස්පර්ශය ලද්දා වූ  මෙම විහාරය මොනරාගල මයුරගිරි කන්දේ විහාරය යන නමින් හැදින්වේ. මෙම විහාරය පිළිබද ජනශැතිය තුළින් විවිධ තොරතුරු අනාවරණය විය. දෙවන පෑතිස් රජ සමයේ ලක් දිවට බුදු  දහම ගෙන පැමිණි මිහිදු  මහ රහතන් වහන්සේ‍ෙගන් දහම් අසා රහත් භාවය ලබාගත් මයුරපාද අමරුප්පොළ නම් රහතුන් වහන්සේ පන්සීයක් පමණ මහ රහතුන් වහන්සේලා සමඟ මේ  කදුවැටියේ ගිරි ලෙන් වල වෙ‍ෙසමින් බවුන් වඩමින් සිටියැයි එක් එක් ජනශැති තුළින් කියවෙයි.

මෙම විහාර බිමෙන් හමු වී ඇති ස්පඨික හුණු ගලින්  නිර්මාණය කර ඇති රජ කෙනෙකුගේ සහ බිසවකගේ කවන්ද ප්‍රතිමා  දෙක ප්‍රථමයෙන්  මේ වෙහෙර ඉදි කළ මහානාග රජුගේ සහ එම බිසවගේ ප්‍රතිමා බව ජනවහර තුළින් කියනු ලැබේ. එබැවින්  මෙම ගිරි ලෙන් හා විහාරය මහානාග රජුගේ   නිර්මාණයක්  සේ සැලකිය හැකිය. එසේම තවත් සමහරු මෙම විහාරය අනුරාධපුර‍ෙය් රජ කළ  වලගම්බා රජු‍ෙග් නිර්මාණයක් බවද කියනු ලැබේ.

මොනරාගල නගරයේ සිට අම්පාර මාර්ගයේ 4km පමණ දුර ගිය පසු වැලියාය කනිටු විදුහල  අසලින් මෙම විහාරයට  පිවිසෙන මාර්ගය හමුවේ. එම මාර්ගය ඔස්සේ 2-3 kmක් පමණ දුර ඇති කන්ද ස්වභාව සෞන්දර්යය  විද ගනිමින් තරණය  කිරීමට හැකියාවක් ලැබේ. මෙම විහාර භූමිය තුළ අමරගිරි විහාරය සහ මයුරගිරි විහාරය නමින් ගිරි ලෙන් දෙකක කරවූ පිළිම ගෙවල් දෙකක් වේ.  විහාර භූමියට ප්‍රවිශ්ඨ වූ පසු වම් පසින් ඇත්තේ අමරගිරි ලෙන් විහාරය වේ. එය මෙහි ඇති පැරණිතම විහාරය වේ. දකුණු පසින් මයුරගිරි ලෙන් විහාරය දිස්වේ. මෙම විහාරාරාමය වලගම්බා රජුගේ නිර්මාණයක් ‍  ලෙසට  සැලකීමට හැකිවූ තවත් හේතු සාධකයක් ඇත. එනම් අමරගිරි විහාරයේ නිර්මාණය කර තිබූ අඩි හයක් පමණ උස ශෛලමය හිටි පිළිමයද ධ්‍යාන මුද්‍රා සහිත හිදි පිළිමයද එයට සාධක වෙයි. ඒවා වළගම්බා රජුගේ යැයි කිව හැක්කේ අනුරාධපුරයේ බුදු පිළිම කලාවට බොහෝ සමාන ලක්ෂණ පෙන්වන හෙයිනි.  හිටි පිළිමය අභය මුද්‍රාවෙන් යුක්ත වෙයි. ස්පඨික හුණු ගලින්  නිර්මාණය කර තිබූ මෙම  පිළිමය  සෘජුව සිටවීමට කිසිදු ආධාරකයක් උපයෝගී කරගෙන නොතිබුණි. ශෛලමය පාද මත කරන ලද තුන් කොත් සිදුරකට බුදු පිළිමයේ පාද සඟල පතුලෙන් සකස් කළ තුන් කොත් ඇණයකින් සවි කිරීමෙන් පිළිමය සෘජුව සිටවා තිබිණි. මේ අගනා බුදු පිලිමය නිදන් සොරුන් විසින් විනාශ කර ඇති අතර තුන් කොත් සිදුර සහිත ගල් පාදම පමණක් දැනට ශේෂ වී ඇත.

හිදි පිළිමයද හිටි පිළිමය තරම්ම උසට තිබී ඇත. ඒකාංශ කොට පෙරවූ සිවුර රැළි සහිත වේ. මෙම පිළිම දෙකම අද වන වි‍ට දැක ගත නොහැක.  එසේම මෙම  විහාරයේ ඉදි කර තිබූ විශ්ණු, කතරගම දේව රූපද  නිදන් සොරුන් විසින් විනාශ කර ඇත. මෙම විහාරයට ඇතුළු වන පිය ගැට පෙළ පාමුල ඇති සකඩ පහෙනහි දැක ගත හැක්කේ මධ්‍යයේ පිපුණු නෙළුම් පුෂ්පයක් පමණි. සාම්ප්‍රධායික ලක්ෂණ සහිත මුරගල් දෙක පිය ගැට පෙළ දෙපස වේ. ඒවාද සදකඩ පහණ සමඟ නිදන් සොරුන් විසින් විනාශ කර ඇත.

අමරගිරි විහාරය අභියස අඩි13 ක් උසැති සෙල් මුවා කුළුනු රැසකි. දළදා පූජාවලියේ  සදහන් වන පරිදි ඒවා පොළොන්නරු යුගයේ රුහුණේ අට දහස් රට පාලනය කළ සුගලා බිසව (ක්‍රි.ව1153) දන්ත ධාතුන් වහන්සේ වඩා හිදුවා පුද සත්කාර කිරීමට අමරගිරි විහාරයේ කරවූ දළදා මාළිගාවේ  නටඹුන් වේ.

අමරගිරි විහාරයේ සිට 100 m පමණ කන්ද බැස ගිය පසු ගිරි ලෙනක්  හමුවේ. අන්ධකාර වූ ඒ ගිරි ලෙන තුළින් 20 m ක් පමණ දුර ගිය විට ආලෝකය ඇති ස්ථානයට පිවිසේ.  එහි කුඩා ගිරි ලෙනක් තුළ අඩි 06 ක් දිග අඩි 02.75 ක් පලළ ගල් ඇක් දැකගත හැකිය. එය ඉතා සුමට ලෙස ඔපමට්ටම් කර ඇත.

අමරගිරි ලෙ‍ෙන් වම් පසින් ඇති කුඩා දොර මොනරාගල විහාරමුල්ල පැරණි රජ මහා විහාරය දක්වා ගමන් කළ හැකි උමඟක ආරම්භය බව ජනශැතිය කියයි. එම උමඟ තුළ තිබී මැටි කරඩුවක්  සහ මැටි කාසි කිහිපයක් සොයා‍ෙගන ඇත.

අමරගිරි විහාරයට අයත් කුඩා ‍ෙචෙත්‍යය තුනක් තිබිණි.  එයින් චෛත්‍ය 02 ක් විහාරය සමීපයේම වූ කුඩා පර්වත 02 ක් මත ඉදිකර තිබිණි. ඒවාට යාම සදහා පර්වතයේ පියගැට පෙළක් නෙළා ඇත. සෙසු  චෛත්‍ය එහි සිට අඩි 3000 ක් පමණ කන්ද නැග ගිය පසු ඇති විශාල පර්වතය මත්තෙහි ඉදිකර තිබිණි.  මේ පර්වතය මතට යෑම සදහාද පියගැට පෙළක් නෙළා තිබේ. පර්වතය මුදුනට ගිය පසු අහසට නැග්ගාක් බදු  හැගීමක් සිතට ඇතිවේ. එම  කන්ද මුදුනේ සිට පහත බලන විට විශාල පෙදෙසක් නෙත ගැටේ. ගෙවල් මෙන්ම මං මාවත් ද කුඩාවට දිස්වේ.  පර්වතය මත කුඩා චෛත්‍යයේ ගෙඩාල් පමණක් ශේෂ වී ඇත. චෛත්‍යයට අමතරව පෙර නිමිති තියන අඩි 06 ක් උස අසිරිමත් බෝධි ධූමයක් පර්වතය මත ප්‍රරෝහණය වී ඇති අයුරු විශ්ම ජනකය.

විහාර භූමියේ දකුණු පස මයුරගිරි ලෙන් විහාරය ඇත.  සැදැහැවතුන් සියයකට වුවද එක විට බුදුන් වැදීමට මෙහි හැකියාව ඇත. මෙම විහාරය මහානාග රජු විසින් කරවන ලද්දක් බවට විහාරයට ඇතුළු වන පිය ගැට පෙළ අසල පර්වතයක බ්‍රාහ්මී අක්ෂර වලින් සටහන් කර ඇති සෙල්ලිපියේ සදහන් වේ.

පොතපත ඇසුරින් තොරතුරු සැපයීම :- මොනරාගල වැලියායේ පී.කේ.    දිනූෂා ප්‍රියංගනී මෙනෙවිය

පරිඝණක සැකසුම :- මොනරාගල බටුගම්මන මේනකා එස්. කොස්වත්ත මෙනෙවිය

 
Bookmark and Share
Copyright © 2010 - 2017 Nawarathna Mihira Bandara Wijekoon. All Rights Reserved.