My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mrs. Prema Kathriarachchi,

United States of America

My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mr. R.M. Sudath Priyantha Bandara,

South Korea

Our Best Compliments to the "Sewasetha" Program ...!!!

Monaragala Pharmacy,

Main Street,
Monaragala

My Best Compliments to the "Deerghayu" Fund...!!!

Mr. A.M. Priyantha Kumara,

Warrior Tharanga Mawatha,
SOS Children Village Road,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. H.M. Wijerathna,

Kumarapura,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Samitha Wijayakoon,

Dehiwala,
Colombo

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Dhanushka Samarasekara,

DO Studio,
Monaragala

Our Best Compliments to the "Nena Pahana" Education Scholarship Programme ...!!!

Mr. R.M. Wishwanath Raveendra,

Siyambalanduwa Timber Mill,
Siyambalanduwa.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Regional Manager and All Branch Managers,

People's Bank,
Monaragala.

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. K.M. Dhanasiri Bandara,

20 Kade, Nakkala, Monaragala

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. R.A.D. Padmasiri,

Gayan Constructions,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

W. Sanjeewa Fernando,

R & S Engineering,
Nakkala,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

Mrs. Nayana N. Dasanayaka,

Area Engineer's Office,
Ceylon Electricity Board,
Diyathalawa.

My Best Compliments to the "Deerghayu" Fund ...!!!

Hon. Dr. Sumedha G. Jayasena

Deputy Minister Of Wild Life  
Member of Parliament - Monaragala District

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. R.M.D. Rathnayaka

Medical Superintendent
District General Hospital - Monaragala


My Best Compliments to the "Nena Pahana" Education Scholarship Programe ...!!!

Mr. R.S. Wickramage

Electrical Superintendent,

Ceylon Electricity Board,

Wellawaya.

My Best Compliments to the "Deerghayu" Fund

Hon. Padma Udaya Shantha Gunasekara

Member Of Parliment
Monaragala.

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Kotiyagala Chandananda Thero

Ven. Chief Of Uva, Binthenna and Batticolo Area

Purana Raja Maha Viharaya,
Viharamulla, Monaragala.


Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs.  Chandima Ranathunga

National Savings Bank
Kandy.

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Area Engineer and All Staff

Ceylon Electricity Board,
Monaragala.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Manager and The Staff

National Savings Bank,
Monaragala.

Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs. W.A. Karunawathi (Mrs. Siriwardhana)

Kolongolla,
Monaragala.

 

Our Best Compliments to the "Deerghayu" Fund

Old Students Association

Rajakeeya Vidyalaya,
Monaragala.

Our Best Compliments to the "Deerghayu" Fund

Hon.  Chairman & The Director Board

Co-Op Rural Bank - Monaragala

 

Our Best Compliments to the "Deerghayu" Fund

Government Service Welfare Society

Okkampitiya.

 

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

KandaUdapanguwe Sudamma Thero

Ven. Chief Of Uva Wellassa Area

Sri Dhakshinaramaya, Weliyaya,
Monaragala

 

About Foundation

බාගත කිරීම් Downloads

 

අද දින දැල්වෙන අමතර එක විදුලි පහනක් හෝ නිවා දමා, අපිත් විදුලිය සුරැකීමට දායක වෙමු. එය ඔබටත් රටටත් ඉතිරියකි.

 

Father of Hydro Power

Hon. D.J. Wimalasurendra

දශක ගණනාවක සිට දනන් තුඩ තුඩ රැඳුණු ආදරණීය ආමන්ත්‍රණයක් විය. ඒ "ජලය විදුලියට හැරවූ අරුම පුදුම මිනිසා " යන්නයි.

වැඩිදුර කියවන්න

"දීර්ඝායු" අරමුදලේ දසවන මූල්‍ය පරිත්‍යාගය ද ලබාදෙන ලදී.

වැඩිදුර කියවන්න...

"නැණ පහන" අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යථාර්තයක් බවට පත් කිරීමට අපට හැකිවිය.

වැඩිදුර කියවන්න


උණුසුම් පුවත්

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday355
mod_vvisit_counterYesterday1197
mod_vvisit_counterThis week1552
mod_vvisit_counterLast week7724
mod_vvisit_counterThis month13908
mod_vvisit_counterLast month31209
mod_vvisit_counterAll days1421113


බුදුගල්ලෙන වන සෙනසුන හෙවත්  කෝන් කැටිය  රජ මහා වෙ‍හෙර

බුත්තල  සිට  කතරගම දක්වා  වූ මාර්ගයේ ඔබ ගමන් කරන්නේ නම්  එයට සමාන්තරව විහිදෙන  කදු යායක් දැක ගත හැකිවේ. රහතන් මැවූ කන්ද නමින් විරුදාවලිය ලත් මේ කදු යාය සැතපුම් ගණනාවක් එක දිගට විහිදේ. මේ කඳු වැටිය ඇතැම් තැනක  අඩි දහසක් තරම් උස් වේ. තවත් තැනක එම තත්වය අඩි එක් දහස්  පන්සීයක්  දක්වා  ඉහළ නගී. වංශ කාථා   වල සදහන් වෙන  සප්පදුරු  හොය  හෙවත්  මැණික් නදිය  මේ කදු වැටියට ද  මාර්ගයට ද  සමාන්තරව ගලා බසී.  එම කදුවැටියේ බුත්තල නගරාසන්න කොටසේ විශාල වනස්පතීන් ගෙන් ආවරණය ලබන බුත්තල  බුදුගල්ලෙන  වන සෙනසුන  පිහිටා  තිබේ.

බුදුසමයේ චිරස්ථිතිය සදහා වේලක්කාරයින් ගෙන්  රට බේරා ගැනීමට දුටුගැමුණු  රජු කතරගම සිට  අනුරාධපුරය බලා  ගමන් කලේ යැයි  විශ්වාස කරන රජ  මාවත හෙවත්  බුත්තල කතරගම   මාර්ගයේ 15 කණුව  සමීපයෙන් බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයට පිවිසිය හැකි අතුරු මග හමු වේ. එහි සිට මෙම විහාරස්ථානයට අඩ මයිලයක දුරකි.

අතීතයේ මෙය  කෝන්කැටිය  විහාරය නමින්  හදුන්වා ඇත.  කාලයා විසින්  වනාන්තර ගත කරනු ලැබූ මේ විහාරය 1975 වර්ෂයේදී  පමණ එලි පෙහෙලි කර අරණක් බවට පෙරලාගෙන භික්ෂූන් වහන්සේලා  භාවනා යෝගීව වැඩ වසතී. එවක් පටන්  මෙය බුදුගල්ලෙන ආරණ්‍ය නමින් පතල විය.

අනුරාධපුර යුගයේ මුල් භාගයේ සිටම  බුත්තල  ජනාකීර්ණ  ප්‍රදේශයක් බවට  පත්වී  තිබිණි.  ඔක්කම්පිටිය, කොටුවේවත්ත, කෝන්කැටිය, කෝමාරිකා ගල,  ආදී  ස්ථාන වලින්  දැනට හමු වී ඇති සෙල් ලිපි වලින් ඒ බව පැහැදිලි වේ. කිතු වසට පෙර  යුගයට අයත් බ්‍රාහ්මී අක්ෂර  එම සෙල් ලිපි වල දැක ගත හැකිය. මේ ප්‍රදේශය එකල ගුත්තහාල නමින් පතල විය. කාවන් තිස්ස රජුගේ පාලන සමය පිළබහන් කරන සද්ධර්මාලංකාරය, මහා වංශය, සිංහල ථූප වංශය,  ආදී  වංශ කථා ග්‍රන්ථ වල  ගුත්තිලය යන නම  සදහන් වේ.

බුදුගල්ලෙන ආරණ්‍ය පිහිටි කන්ද පිළිබ සිංහල ථූප වංශයේ මෙසේ සහන් වේ.

තිස්ස කුමාරයෝද  බිඳී පලා  යන බෑයන්  පසු පස්සේ සේනාව ඇරගෙන කොළ සේක සේකව  දිවව යි කීහ. රහතුන් වහන්සේ සේකව දිවයන සේනාවට ගල් කන්දක්  මවා සේනාව  වලකාපී සේක. මෙසේ හෙයින් එම කන්ද  වර්තමාන‍ෙය්  රහතන් කන්ද නමින් ව්‍යවහාර වේ.

බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනය  හෙවත්  ඉපැරණි කෝන්කැටිය විහාරය සොයා රහතන් කන්ද නගින විට එහි ඝනව වැඩුණු  වන අරණින්  නැගෙන  සිසිලස ද  සොබා දහමේ අසිරිමත් බව  කියා පාන  නිසසංසල ශාන්ත  සුන්දරතාවයද  ගතට ද සිතට ද  දනවන්නේ සුවයකි. සතුටකි. සැපතකි.  වෙ‍ෙහර බිමට  පිවිසිමට පෙර  ගිරිකුලක නෙළා  ඇති  පියගැට පෙළ හමුවේ. එය  තරණය කළ පසු  නටඹුන් සහ පුරා වස්තු වලින්  ගහණ වෙහෙර  බිමට පිවිසිය හැක.

කන්දේ අක්කර සිය ගණනක් පුරා පැතිරි ගිය බිම් පෙ‍දෙසක යටගිය මෙහි රහතුන් වහන්සේලා වැඩ සිටියේ යැයි ඇදහිය හැකි ගිරි ලෙන්ද  ඒ හා සබැි නටඹුන් ද වේ. කටාරම් කොටා වාසයට  සුදුසු පරිදි  සකස් කර ඇති  එවැනි ගිරි ලෙන්  හැට දෙකක් පමණ  මෙහි වේ යැයි  එහි වැඩ වසන  භික්ෂූන් වහන්සේ පවසති. එයින් සුදුසු පරිදි  සකස් කර ගත් ගිරි ලෙන්  අටලොස්සක පමණ  වත්මනෙහි භික්ෂූන් වහන්සේලා වැඩ සිටිති. සෙසු ලෙන් සියල්ල ඝණ කැලෑව විසින්  ගිල ගනු ලැබ කිරි වවුලන්ගේ නිවහන් බවට  පත් වි තිබේ.

එකල ගිරිලෙන් වලට යාමට  මනා කොට  සකස් කළ  මාවත් තිබුණි.  වර්තමානයේ ද  කන්දේ තැනින් තැන  දැක ගත හැකි එහි ශේෂයන් එයට සාධක සේ වෙති. ඇතැම් ලෙනක කිතු වසට පෙර  බ්‍රාහ්මී අක්ෂර වලින් කොටන ලද  සෙල් ලිපි දැක ගත හැකිය. එයින් දැනට සෙල් ලිපි තුදුසක් (14) සොයා ගෙන ඇති අතර ලෙන් සකස් කර  පූජා කළ සැදැවතුන්ගේ විස්තර මේ ලෙන් ලිපි වලින් හෙලිවේ.

මෙහි යටගියාව රජ කල කාවන්තිස්ස  රජ යුගය (ක්‍රි.ව 205-161) දක්වා පුළුල් වේ.  කාවන්තිස්ස ඇති කළ  යුධ සෙබළ මුළුවේ බලවතකු වු ථේරපුත්තාභය යෝධයාගේ පුතෙකු විසින්  කෝන්කැටිය විහාරය  කරවන ලදැයි  ඒ  හා බැි ජනශ්‍රැතියක සදහන් වේ.

ලෙන් විහාරයට  පිවිසීමට  පියගැට පෙළකි. ලෙ‍නේ එක් පසක  නූතන බුදුමැදුරුය. අනෙක් පස ඉපැරණි  ප්‍රතිමා තැන් පත් කර ඇති  පැරණි බුදුමැදුරු වේ. එහි තැන්පත් කර ඇති  ප්‍රතිමා  නිර්මාණයන් කිතු  වසින්  තුන් වැනි  සියවස ප්‍රතිමා  කලාවට  නෑකම් කියයි. එකල මෙහි අටෙලාස් රියනක්  සැතපෙන බුදු පිළිමයක්  ඉදිකර තිබුණි. ගඩොල් වලින්  නිම කර තිබුණ  බව දැක්වෙන මේ පිළිමය පසු කලක එයින් ඉවත් කර  නුතන මූර්ති කලාව  අනුව  නව  බුදු පිළිමයක්  කරවා ඇත.

ඉපැරණි  බුදුමැදුරේ සෙල් මුව බුදුපිළිම දෙකකි. ඒවා ස්ඵටික හුණු ගලින්  නිමවා ඇත. එයින් එක් ප්‍රතිමාවක ශීර්ෂයද හස්තයද  කැඩී ගොස් කවන්දවයක්  බවට පත් වී ඇත. අනෙක් බුදු පිළිමයේ ශිර්ෂය කැඩී තිබී පසුව සවි කර  ඇති බව  පෙ‍ෙන්. මෙය  අඩි  පහක්  පමණ උස්  වේ. ශිර්ෂය රහිත  බුදු පිළිමයේ උස අඩි 04 කි.  පිළිම  දෙකම  අඩි  03 ක්  පමණ උස් වූ  පද්මාසන මත නෙලා  තිබේ. පිළිම වල ඒකාංශ  කර පෙරවූ සිවුරු වල රැලි සිහින්ය. අන්ද්‍රා සම්ප්‍රදායට  බොහෝ සේ සමානය. ශිර්ෂය සහිත  බුද්ධ  ප්‍රතිමාවේ වත සමාධි  ගත ගුණාංගයෙන් පරිපූර්ණය. එය ශාන්තය, සුන්දරය. කරුණාව, මෛත්‍රිය ආදී උසස්  ගුණාංග මුර්තිමත්ය.  තුන් වැනි  සියවසේ ලක්දිව  පතලව තිබූ මහායාන සංකල්පයන් වලින්  මේ පිළිම නිර්මාණකරු ද  මිදී නැති බව පෙනේ.

බුද්ධ ප්‍රතිමා වලට අමතරව මෙහි තවත් ප්‍රතිමා 02ක් ඇත. ඒවාද පද්මාසන මත  නිර්මාණ  කර  තිබේ. අඩි 05 ක් පමණ උස් වූ  එයින් එක් ප්‍රතිමාවක් ශීර්ෂය සහිතය. එහි වතින් මෛත්‍රිය, කරුණාව  වැනි උසස් ගුණාංග මතුකර පෙන්වයි.  ශීර්ෂය   නළල පටකින් සහ  හිස් පළදනාවකින්  අලංකෘතය. ශරීරය  සරසා ඇති ශිවාභරණ  හා ඉන බැදි කග පතද මේ අතර  හදුනා ගත නොහැකි  කිසියම් වස්තුවක්ද  එහි නිර්මාණය  කර තිබෙනු පෙනේ. එය ආයුධයක්ද?  යන්න  නිශ්චය කළ නොහැක. මේ ප්‍රතිමාව අනුරාධපුරයේ රුවන්වැලිසෑය අභියස ඉදිකර  ඇති දුටුගැමුණු  රජුගේ පිළිරුවට බොහෝ සෙයින් සමාන වේ.  එහෙයින් මෙය  දුටුගැමුණු රජතුමාගේ පිළිරුවක්  යැයි බොහෝ ‍ෙදනා  විශ්වාස කරති.

ශේෂ වූ ප්‍රතිමාවේ ශීර්ෂය ද  හස්තය ද කැඩී විනාශ වී ඇත.  අඩි 04 ක් පමණ උස ඇති  එය පද්මාසනයක් මත  නිර්මිතය.  ආභරණ වලින් තොර  එය චාම් බවින්  පරිපූර්ණය.  එය දුටුගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්ස ගේ යැයි විශ්වාස කෙරේ.  කිතුවසින්  තුන්වැනි  හතරවැනි  සියවස් වල  රුහුණේ ශ්‍රීඝ්‍රයෙන් පැතිර ගිය  මහායානික අදහස්, සංකල්පයන් මේ පිළිම නිර්මාණ කරුවාට ද බලපාන්නට ඇත. ඒ අනුව මේවා  මහායානික බෝසතුන් වන අවලෝකිතේෂ්වර හෙවත් ‍ෛමත්‍රී  බෝසතුන් ‍ ගේ පිළිම බව  විද්වතුන් ‍ගේ මතය වේ.

විහාර භූමියෙන් හමු වී ඇති  මුර ගල් දෙක ද  ස්ඵටික  හුණු ගලින්  නිම කරන ලද්දකි.  එහි අතකින් පුන් කලසක්ද  අතකින් මල්  කිනිත්තක්ද  ගත් මිනිස් රුවකි.  ඒවා උසින්  අඩි  03 ක් පමණ වේ. අනුරාධපුර යුගයේ මුල් භාගයට  අයත්  මුරගල් වලට  බොහෝ සෙයින් සමානය.

ප්‍රධාන  ලෙන අභියස  බ්‍රාහ්මී අක්ෂර  වලින්  සටහන් කරන ලද  සෙල් ලිපියකි. ඊට  අමතරව  සකස් කරන  ලද ලෙන් ලිපි  දා හතරක්  සොයා ගෙන ඇත. විහාර භූමි‍යේ විසිරී පවත්නා  ශෛලමය කුළුණු රැසක් වෙයි.

විහාරයේ පෞරාණිකත්වය අතීත සෞභාග්‍ය හා  ප්‍රෞඩත්වයන් මේ පුරා වස්තු වලින් පිළිබිඹු වේ.

විවිධ තුරු ලතාවන් මත විකසිත වෙන නන් පැහැ  ගත් වන මලින් උකා ගත් සුවද  මුසු මද නලින් දැනෙන සිසිලස ද නිරන්තරයෙන් රැව් දෙන විහ ගීයෙන් හා බඔර කැල නගන ගුමු ගුමුවෙන් පිරී ඉතිරී ගිය ශාන්ත සුන්දර පරිසරයෙන් ද හෙබියා වූ බුදුගල් ලෙන වන සෙනසුනට පිවිසි මොහොතේ පටන්ම දැනෙනුයේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර විහරණයෙන් පෝෂිත වූ  සිත් සතන් තුල නිවී සැනසී ගිය උතුම්  වින්දනයකි. එහෙයින් බැතිබර බොදු දනන් නිරන්තර‍ෙයන් ම මේ පින් බිමට  පැමිණෙති.

පොතපත ඇසුරින් තොරතුරු සැපයීම :- ලක්සිරි, 05 කණුව, වෙහෙරගොඩ බඩල්කුඹුර ලිපිනයේ පදිංචි ලක්මාලී දිසානායක මෙනෙවිය විසිනි.

පරිඝණක සැකසුම :- මොනරාගල, බටුගම්මන මේනකා එස්. කොස්වත්ත මෙනෙවිය විසිනි.

 

 

 
Bookmark and Share
Copyright © 2010 - 2017 Nawarathna Mihira Bandara Wijekoon. All Rights Reserved.